මෙසේ, රජු ද හාමාන් ද එස්තර් බිසව සමඟ මිදි යුෂ සාදයට ගියහ. දෙවන දවසේ ඔවුන් මිදි යුෂ පානය කරන අතරේ යළි ඇය ඇමතූ රජු, “එස්තර් බිසවුනි, කුමක් ද ඔබේ ප්‍රාර්ථනාව? එය ඉටු කර දෙනු ලැබේ. කුමක් ද ඔබේ ඉල්ලීම? රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය අනුමත කෙරේ” යි කීවේ ය. එවිට එස්තර් බිසෝ පිළිතුරු දෙන්නී, “ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, අහෝ රජ්ජුරුවනි, ඔබතුමන් ප්‍රසන්න නම්, මට මගේ ජීවිතය දුන මැනවි; මගේ අයැදුම එයයි. මගේ ජනතාව බේරා දුන මැනවි; මගේ ඉල්ලීම එයයි. මන්ද මා හා මගේ ජනතාව විනාශයටත්, මරණයටත්, සමූලඝාතනයටත් විකුණනු ලැබ සිටින්නෙමු. අපි හුදෙක් ස්ත්‍රී හා පුරුෂ වහලුන් වශයෙන් විකුණනු ලැබීමු නම්, මට නිහඬ ව සිටින්නට තිබිණි. මක්නිසාද රජුට වන අලාභය අපගේ දුක් වේදනා හා සංසන්දනය කළ නො හැකි බැවිනි” යි කීවා ය. එවිට අහෂ්වේරොෂ් රජු එස්තර් බිසව අමතමින්, “කවුරු ද ඒ? ඒ තරම් දෙයක් කරන්න බිය සැක නැති මිනිහා! ඔහු කොහේ දැ?” යි ඇසී ය. “අපේ එදිරිවාදියා, අපේ හතුරා මේ දුෂ්ට හාමාන් යැ” යි එස්තර් පැවසුවා ය. එවිට හාමාන්, රජු හා බිසව හමුවේ භීතියට පත් විය. තද කෝපයෙන් යුතු ව මිදි යුෂ පානයෙන් නැගී සිටි රජු, මාලිග උයනට පිට ව ගියේ ය. එහෙත් හාමාන්, රජු විසින් තමාට නපුරක් දැනටමත් තීන්දු කරනු ලැබ ඇතැයි වටහා ගෙන, තම ජීවිතය උදෙසා එස්තර් බිසවට කන්නලව් කිරීමට නැවතුණේ ය. මාලිග උයනේ සිට රජු තමන් මිදි යුෂ පානය කළ ශාලාවට ආපසු පිවිසෙද්දී, එස්තර් හාන්සි වී සිටි කවිච්චිය මත හාමාන් වැටී සිටියේ ය. එවිට රජු, “මොහු බිසවුනට බලහත්කාරකම් කරන්නටත් යනවා ද! මගේ මාලිගයේ, මා ඉදිරිපිටදී ම!” යි මොර ගෑවේ ය. ඒ වචන රජුගේ මුවින් පිටවෙනවාත් සමඟ ම ඔවුහු හාමාන්ගේ මුහුණ ආවරණ කළහ. එවිට, රජුට මෙහෙවර කරන නපුංසක නිලධාරීන්ගෙන් කෙනකු වූ හර්බෝනා කතා කොට, “හාමාන්ගේ නිවස ළඟ රියන් පනහක් උස පෝරකයක් සිටුවා තිබේ. ඔහු එය තනවන ලද්දේ වරක් රජතුමාගේ යහපතට තොරතුරු සැපයූ මොර්දෙකයි එල්ලන්නට යැ” යි පැවසී ය. “මොහු එහි එල්ලා දමනු” යි රජු පැවසී ය. මෙසේ, මොර්දෙකයි එල්ලීමට ඔහු සෑදවූ පෝරකයේ ම ඔවුහු හාමාන් එල්ලා දැමූහ. ඉන්පසු රජුගේ උදහස සංසිඳිණි.
එස්තර් 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 7:1-10
4 Days
Let’s be honest, sometimes our lives feel like a caffeinated squirrel running through a peanut factory – absolute chaos! But even in the craziness, we can trust that God has placed us where we are for a perfect purpose! Join us as we see this truth play out in the heroic life of Queen Esther.
10 Days
In this 10-part devotional, Pastor Dylan Dodson teaches through the book of Esther. This plan will encourage you to trust in God’s providence, even when you can’t see him working.
Throughout this ten-day plan, I want to 'egg you on' - to encourage you to be bolder in your walk with God. The Christian life is not easy, and we have to develop a daring spirit to be a great example of God's love. This plan will focus on the lives of nine biblical characters, looking at themes like depression, fear, failure, challenge, and stress, highlighting the ways God can help you overcome these difficulties. Warning - contains many terrible egg-related puns!
22 Days
You've been there. Suddenly a person near you comes into focus that is obviously in need of help. Quickly your mind begins to rattle off your options - shift your gaze; turn around; walk away; ignore them. But what if they are too close to ignore? What then? That is what this little devotional is all about. What to do when someone in need is too close to ignore.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ