රජුගේ සියලු නිලධාරීන් රජ වාසලදී දණ නමා, හාමාන්ට ගෞරව දැක්වූහ. ඔහුට එසේ කළ යුතු යයි රජු නියෝග කර තිබිණි. එහෙත් මොර්දෙකයි ඔහුට දණ නැමුවේවත්, ප්‍රණාමය දැක්වූයේවත් නැත. එකල රජ වාසල රාජ්‍ය නිලධාරීහු, මොර්දෙකයි විමසමින්, “රජුගේ ආඥාව ඔබ කඩ කරන්නේ මන්දැ?” යි ඇසූහ. ඔවුහු දවසින් දවස මේ ගැන ඔහුට කී නමුදු, ඔවුනට සවන් දීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය. එබැවින් ඔවුන් ඒ වග හාමාන්ට පැවසුවේ, මොර්දෙකයිගේ වචන, හාමාන් ඉවසාදෝයි බලනු පිණිස ය. මන්ද තමා යුදෙව්වරයකු වග ඔහු ඔවුනට කියා තිබිණි. මොර්දෙකයි තමාට දණ නො නමන වග හා ගෞරව නො දක්වන වග දුටු හාමාන් ක්‍රෝධයෙන් ඇවිළිණි. එහෙත් මොර්දෙකයි යුදෙව්වරයකු වග ඔහුට දැනගන්නට ලැබුණෙන්, මොර්දෙකයි පමණක් මරා දැමීමේ අදහස සුළු කොට තැකූ හාමාන්, මොර්දෙකයිගේ මුළු ජනතාව ම, අහෂ්වේරොෂ් රාජධානිය මුළුල්ලේ වෙසෙන යුදෙව් ජාතිය ම විනාශ කිරීමේ මඟක් සෙවී ය.
එස්තර් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 3:2-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ