මොර්දෙකයි ඔහුගේ මාමාගේ දියණිය වූ හදස්සා එනම් එස්තර් හදා-වඩා ගත්තේ ය. මන්ද ඇයට පියාවත්, මවවත් සිටියේ නැත. මෙම යෞවනිය, අඟ පසඟින් ද රූ සිරියෙන් ද සොබමන් තැනැත්තියක් වූවා ය. ඇගේ පියාත්, මවත් මළ පසු, මොර්දෙකයි ඇය තමාගේ ම දියණියක කොට ගෙන තිබිණි. රජුගේ විධානය හා නියෝගය, නිවේදන කරනු ලැබූ කල, යෞවනියන් බොහෝ දෙනෙක් ෂූෂන් බළකොටුවට ගෙනෙනු ලැබ, හේගයිගේ රැකවරණ යටතට පත් කරන ලදහ. එස්තර් ද රජුගේ මාලිගයට ගෙනෙනු ලැබ, කාන්තාවන් බාරකාර හේගයිගේ බාරකාරත්වයට පත් කරන ලද්දී ය. තරුණිය ඔහු ප්‍රසන්න කර, ඔහුගේ ප්‍රසාදය දිනා ගත්තා ය. ඔහු නොපමාව ඇගේ රූපලාවණ්‍ය කටයුතු හා ඇගේ ආහාර සලාකය ද ඇයට ලැබෙන්නට සැලසී ය. ඇගේ ආවතේව සඳහා රාජ මාලිගයේ පරිවාර ළඳුන් හත්දෙනකු පත් කළ ඔහු, අන්තඃපුරය තුළ වූ හොඳ ම තැනක් වෙන් කොට, ඇය ද ඇගේ පරිවාර ළඳුන් ද එහි යැවී ය. එස්තර්, තම ජාතිකත්වය හා පවුල් පසුබිම ගැන හෙළි කොට තිබුණේ නැත. ඒ කරුණු හෙළි නො කරන ලෙස මොර්දෙකයි ඇයට අණ කොට තිබිණි. එස්තර්ට කෙසේ ද, ඇයට කුමක් වන්නේ දැයි දැනගනු පිණිස, මොර්දෙකයි හැම දවසක ම අන්තඃපුර මිදුල අසල ඔබ මොබ ඇවිද්දේ ය.
එස්තර් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 2:7-11
3 Days
In a time where a king wanted a wife, a Jewish woman named Esther appeared. Looking at the life of Esther helps to give us direction into how we’re supposed to act when God places us in His providentially designed plans. In this 3-day reading plan, Tony Evans teaches the history of Esther, providing an in-depth look at the inner workings of Persian royalty.
4 Days
Favor may be unmerited, but it is not received or experienced by chance. In this 4-Day study on Queen Esther's life of favor, Temi Michael-O guides readers through the works of faith or actions that positioned Esther for favor with God and people. As you take the time to meditate on the assigned scriptures, you will be empowered to live in the realm of favor.
Let’s be honest, sometimes our lives feel like a caffeinated squirrel running through a peanut factory – absolute chaos! But even in the craziness, we can trust that God has placed us where we are for a perfect purpose! Join us as we see this truth play out in the heroic life of Queen Esther.
How can the heroes of the Bible inspire us to greatness? Join us in this four-day reading plan as Kristi Krauss motivates us with Esther's risk-taking, Job's hidden treasure, Isaiah's hope for good, and Jeremiah's endurance of opposition. Don't be surprised if these testimonies transform your life.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ