මෙකල මොර්දෙකයි නම් වූ යුදෙව්වරයෙක් ෂූෂන් බළකොටුවේ සිටියේ ය. ඔහු, බෙන්යමින් ගෝත්‍රික කීෂ්ගේ පුත්‍ර, ෂිමෙයිගේ පුත්‍ර, යායීර්ගේ පුත්‍රයා ය. කීෂ්, යූදාහි රජු වූ යෙකොනියා සමඟින් යෙරුසලමේ සිට පිටුවහල් කොට ගෙන යන ලද්දවුන් අතරෙහි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් පිටතට ගෙන යන ලද්දවුන් අතරෙහි සිටියේ ය. මොර්දෙකයි ඔහුගේ මාමාගේ දියණිය වූ හදස්සා එනම් එස්තර් හදා-වඩා ගත්තේ ය. මන්ද ඇයට පියාවත්, මවවත් සිටියේ නැත. මෙම යෞවනිය, අඟ පසඟින් ද රූ සිරියෙන් ද සොබමන් තැනැත්තියක් වූවා ය. ඇගේ පියාත්, මවත් මළ පසු, මොර්දෙකයි ඇය තමාගේ ම දියණියක කොට ගෙන තිබිණි.
එස්තර් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 2:5-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ