මෙකල මොර්දෙකයි නම් වූ යුදෙව්වරයෙක් ෂූෂන් බළකොටුවේ සිටියේ ය. ඔහු, බෙන්යමින් ගෝත්‍රික කීෂ්ගේ පුත්‍ර, ෂිමෙයිගේ පුත්‍ර, යායීර්ගේ පුත්‍රයා ය. කීෂ්, යූදාහි රජු වූ යෙකොනියා සමඟින් යෙරුසලමේ සිට පිටුවහල් කොට ගෙන යන ලද්දවුන් අතරෙහි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් පිටතට ගෙන යන ලද්දවුන් අතරෙහි සිටියේ ය. මොර්දෙකයි ඔහුගේ මාමාගේ දියණිය වූ හදස්සා එනම් එස්තර් හදා-වඩා ගත්තේ ය. මන්ද ඇයට පියාවත්, මවවත් සිටියේ නැත. මෙම යෞවනිය, අඟ පසඟින් ද රූ සිරියෙන් ද සොබමන් තැනැත්තියක් වූවා ය. ඇගේ පියාත්, මවත් මළ පසු, මොර්දෙකයි ඇය තමාගේ ම දියණියක කොට ගෙන තිබිණි. රජුගේ විධානය හා නියෝගය, නිවේදන කරනු ලැබූ කල, යෞවනියන් බොහෝ දෙනෙක් ෂූෂන් බළකොටුවට ගෙනෙනු ලැබ, හේගයිගේ රැකවරණ යටතට පත් කරන ලදහ. එස්තර් ද රජුගේ මාලිගයට ගෙනෙනු ලැබ, කාන්තාවන් බාරකාර හේගයිගේ බාරකාරත්වයට පත් කරන ලද්දී ය. තරුණිය ඔහු ප්‍රසන්න කර, ඔහුගේ ප්‍රසාදය දිනා ගත්තා ය. ඔහු නොපමාව ඇගේ රූපලාවණ්‍ය කටයුතු හා ඇගේ ආහාර සලාකය ද ඇයට ලැබෙන්නට සැලසී ය. ඇගේ ආවතේව සඳහා රාජ මාලිගයේ පරිවාර ළඳුන් හත්දෙනකු පත් කළ ඔහු, අන්තඃපුරය තුළ වූ හොඳ ම තැනක් වෙන් කොට, ඇය ද ඇගේ පරිවාර ළඳුන් ද එහි යැවී ය. එස්තර්, තම ජාතිකත්වය හා පවුල් පසුබිම ගැන හෙළි කොට තිබුණේ නැත. ඒ කරුණු හෙළි නො කරන ලෙස මොර්දෙකයි ඇයට අණ කොට තිබිණි. එස්තර්ට කෙසේ ද, ඇයට කුමක් වන්නේ දැයි දැනගනු පිණිස, මොර්දෙකයි හැම දවසක ම අන්තඃපුර මිදුල අසල ඔබ මොබ ඇවිද්දේ ය. තරුණියක, අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසීමේ වාරය ලබන්නට පළමු, ඇය පුරා දොළොස් මසක් කාන්තාවනට නියමිත රූපලාවණ්‍ය සත්කාරය ද හය මසක් සුවඳලාටු තෙල් ගැල්වීම ද හය මසක් සුවඳ පැන් හා සුවඳ විලේපන ආලේපය ද යන පිළිවෙත සම්පූර්ණ කළ යුතු විය. ඇය රජු වෙත යා යුතු වූයේ මෙසේ ය: අන්තඃපුරයෙන් ඇය කැමති කවර දෙයක් වුව රජ මැදුරට ගෙන යන්නට ඇයට අවසර ලැබේ. සවස් කල රජු වෙත එහි යන ඇය පසු දා උදෑසන අන්තඃපුරයේ වෙනත් කොටසකට යන්නී ය. එහිදී ඈ රජුගේ අතිරේක භාර්යාවන් බාර නපුංසක නිලධාරී ෂාෂ්ගාස්ගේ බාරකාරත්වයට පත් වන්නී ය. රජු ඇය කෙරේ ප්‍රසන්න වී, ඇගේ නම කියා කැඳවූවොත් මිස, යළිත් ඈ රජු වෙත නො යන්නී ය.
එස්තර් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එස්තර් 2:5-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ