එබැවින් එවැන්නවුන් හා හවුල් නො වන්න. වරක් ඔබ අන්ධකාරය ව සිටි නමුදු දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකය ය. එබැවින්, ආලෝකයේ දරුවන් සේ ජීවත් වෙමින්, (ආලෝකයේ පලවලට හැම අයුරක ම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.) ස්වාමින්වහන්සේ ප්‍රිය මනාප දෑ කවරේදැයි සොයා දැනගන්න. අන්ධකාරයේ වඳ ක්‍රියා හා සම්බන්ධ නො වී, ඒවා එළිදරවු කරන්න. මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය. එහෙත් ආලෝකයෙන් එළි කරන හැම දෙයක් ම පෙනෙන්නට වෙයි. මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක් ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි: “එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න. මළවුන්ගෙන් නැගිට සිටින්න. එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.”
එපීස 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එපීස 5:7-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ