එපීස 4:21-25

එපීස 4:21-25 SCV

සැබවින් ම ඔබ උන්වහන්සේ ගැන ඇසුවේත්, උන්වහන්සේ තුළ ඔබට උගන්වනු ලැබුවේත් යේසුස්වහන්සේ තුළ වූ සත්‍යතාවට අනුකූලව ය. ඔබගේ පැරණි ජීවන රටාව සම්බන්ධයෙන් ඔබට උගන්වනු ලැබ ඇත්තේ, මායාකාරී තෘෂ්ණාවන්ගෙන් දූෂිත ඔබගේ පැරණි මනුෂ්‍යයා ඉවතලීමටත්, ඔබගේ සිත්හි ආකල්ප අලුත් කර ගැනීමටත්, සැබෑ ධර්මිෂ්ඨත්වයෙන් හා ශුද්ධත්වයෙන් දෙවියන්වහන්සේ හා සමාන වන ලෙස මවන ලද අලුත් මනුෂ්‍යයා පැලඳ ගැනීමටත් ය. එබැවින් ඔබ හැම බොරුව අත්හැර, තම අසල්වැසියා සමඟ සත්‍යවාදී ව කතා කළ යුතු ය. මන්ද අප එකිනෙකා අන්‍යෝන්‍ය අවයවයන් ය.

එපීස 4 කියවන්න