එපීස 4:1-13
එපීස 4:1-13 SCV
එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය. එහෙත්, අප එකිනෙකාට අනුග්‍රහය බෙදා දී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයට අනුව ය. ඒ ගැන මෙසේ කියවෙයි: “උන්වහන්සේ උසස් ස්ථානයට නැගුණු කල, සිරබාරයට පත් ව සිටි සමූහයක් අල්ලාගෙන ගිය සේක; උන්වහන්සේ මිනිසුනට තෑගි දුන් සේක.” “උන්වහන්සේ නැගුණු” යන්නෙන් අදහස් වන්නේ, උන්වහන්සේ පොළොවේ පහත් ම පෙදෙස්වලට බැස්ස බවක් මිස අන් කුමක් ද? මුළු විශ්වය ම පූර්ණ කරන පිණිස සමස්ත ස්වර්ගයන්ට ද වඩා ඉහළ නැගුණ තැනැත්තාණෝ පෙර කී පහළ බැස්ස තැනැත්තාණන් ම ය. ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේ ම ය. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩ නැගෙන පිණිස සේවා-කටයුතු සඳහා ශුද්ධවන්තයින් හැඩගස්වනු පිණිස එසේ දී ඇත්තේ, ඇදහිල්ලේත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දැන ගැනීමේත් එකමුතුකමට අප සැවොම ළඟා වන තෙක් හා ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණත්වය, අංග සම්පූර්ණ ව ම අත්කර ගනිමින්, අප හැම එම පරිණත භාවයට පත් වන තෙක් ය.












