එපීස 2:19-22
එපීස 2:19-22 SCV
එබැවින් ඔබ, තවදුරටත් විදේශීන්වත්, පිටස්තරයින්වත් නො වේ. ශුද්ධවන්තයින් සමඟ ඔබත් සමාන පුරවැසියන් ය; දෙවියන්වහන්සේගේ ම පවුලේ සාමාජිකයින් ය. ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය. මුළු මහත් ගොඩනැගිල්ල උන්වහන්සේ තුළ එකට සම්බන්ධ කරනු ලැබ, ස්වාමින්වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් ව ගොඩ නැගේ. ස්වකීය ආත්මයාණන් මගින් දෙවියන්වහන්සේ වාසය කරන මන්දිරයක් වන ලෙස, ඔබත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට ගොඩ නගනු ලබමින් සිටිති.

