එපීස 1:19-20
එපීස 1:19-20 SCV
අදහන්නා වූ අප උදෙසා දෙවියන්වහන්සේගේ බලයේ සොයා දැනගත නො හැකි විශිෂ්ටත්වය කොතෙක් ද යන්නත් ඔබ දැනගන්නා පිණිස ය. එම බලය, දෙවියන්වහන්සේ තම පරාක්‍රමවත් ශක්තිය ක්‍රියාවේ යොදවමින්, ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, ස්වර්ගීක බලමණ්ඩලයන්හි ස්වකීය දකුණු පස එතුමාණන් හිඳුවමින්, ක්‍රියාත්මක කළ බලය ම ය.

