දේශනාකරු 9
9
මානව වර්ගයාගේ ඉරණම
1එබැවින් මේ සියල්ලට සිත යොමු කර, මා පැමිණි නිගමනය මෙයයි; ධර්මිෂ්ඨයින්, ප්‍රඥාවන්තයින් හා ඔවුන් කරන දෑ දෙවියන්වහන්සේගේ අත්වල පැවතුන ද, තමන් උදෙසා සූදානම් ව ඇත්තේ ප්‍රේමය ද වෛරය ද යන්න කිසිවකුත් නො දන්නා වගයි. 2සියල්ලන් ම අත් විඳින්නේ එක ම ඉරණමකි; ධර්මිෂ්ඨයින්ට මෙන් ම දුෂ්ටයින්ට ද සුදනන්ට මෙන් ම දුදනන්ට ද පවිත්‍ර අයට මෙන් ම අපවිත්‍ර අයට ද පුද පූජා ඔප්පු කරන්නන්ට මෙන් ම නො කරන්නන්ට ද එක ය.
හොඳ මිනිසාට යම් සේ ද
පව්කරුවාට ද එසේ ම ය;
දිවුරන්නාට යම් සේ ද
දිවුරුමට භයවන්නාට ද එසේ ම ය.
3හිරු යට කෙරෙන සියල්ලෙහි ඇති නපුර නම් හැමට එක ම ඉරණමක් අත්වීම ය. එපමණකුදු නො ව, මිනිසුන්ගේ හදවත් පිරී ඇත්තේ නපුරිනි; ඔවුන්ගේ ජීවිත කාලයේ ඔවුන්ගේ හදවත්හි වන්නේ උමතුවකි. ඉන්පසු ඔවුහු මළවුන්ට එකතු වෙති. 4එහෙත් ජීවත්වන්නන් අතර සිටින කෙනකුට බලාපොරොත්තුවක් තිබේ; මැරුණු සිංහයකුට වඩා ජීවත් වන බල්ලකු හොඳ ය.
5මන්ද දිනෙක තමන් මිය යන වග ජීවත්වන්නෝ දනිති;
එහෙත් මළාහු කිසිවක් නො දනිති;
තවදුරටත් විපාකයක් ඔවුනට නැත.
ඔවුන් පිළිබඳ මතකය ද අමතක ව ගොසිනි.
6ඔවුන්ගේ ප්‍රේමය, ඔවුන්ගේ වෛරය හා
ඔවුන්ගේ ඊර්ෂ්‍යාව ද ඒ වන විටත් පහව ගොසිනි.
හිරු යට සිදුවන කවර දෙයක හෝ සහභාගිත්වයක්
යළි කිසි කල ඔවුනට නො ලැබේ.
7යන්න, ප්‍රීතියෙන් යුතු ව ඔබේ ආහාර ගෙන, ප්‍රමෝද හදින් ඔබේ මිදි යුෂ පානය කරන්න; මන්ද දැනටමත් ඔබ කරන දෑ ගැන දෙවියන්වහන්සේ පැහැදී ඇත. 8හැම විට ඔබේ වස්ත්‍ර සුදු ව තිබේවා. හිස තෙලින් ආලේප කර තිබේවා. 9දෙවියන්වහන්සේ හිරු යට ඔබට දී ඇති ඔබගේ මේ නිරර්ථක ජීවිතයේ සියලු දවස්වලදී, ඔව්, නිරර්ථක ඔබේ සියලු දවස්හි දී ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ සමඟ ජීවිතය භුක්ති විඳින්න; මන්ද ජීවිතයේ ඔබේ පංගු කොටස එයයි; හිරු යට ඔබේ ප්රයත්නය ද එයයි. 10ඔබ අත තබන කවර කටයුත්තක් වුව ඔබේ මුළු වීර්යයෙන් කරන්න; මන්ද ඔබට යන්නට වන ෂෙයෝලයේදී#9:10 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය වැඩ කිරීමක් හෝ සැලසුම් කිරීමක් හෝ දැනගැන්මක් හෝ ප්‍රඥාවක් හෝ නැත.
11හිරු යට තවත් යමක් මා දැක ඇත:
එනම්, තරඟ දිවුම, ශීඝ්‍ර ධාවකයිනට නැති වග ය;
සංග්‍රාමය, ප්රබලයිනට නැති වග ය;
නැණවතුනට අහරවත්,
අති දක්ෂයින්ට ධනයවත්,
උගතුන්ට ප්රසාදයවත් ලැබෙන්නේ නැති වග ය.
එහෙත් කාලයත්, අවස්ථාවත් ඒ හැමට උදා වේ.
12එපමණක් නො වේ; තමාගේ වෙලාව, කොයි වෙලේ ඒදැයි කිසිවකු නො දනී:
මාළුවා කටුක දැලකට හසුවන්නා සේ,
පක්ෂීන් උගුලකට හසුවන්නා සේ,
අනපේක්ෂිත ව ඔවුන් පිට කඩා වැටෙන නපුරු අවස්ථාවනට
මිනිස්සු හසු වෙති.
ශක්තියට වඩා ප්‍රඥාව හොඳ ය
13මසිතට තදින් කා-වැදුණු ප්‍රඥාවේ මෙම නිදර්ශනය ද හිරු යටදී මා දැක ඇත; 14සුළු ජනගහනයක් ඇති පුංචි නගරයක් තිබිණි; බලවත් රජෙක් ඊට විරුද්ධ ව අවුත්, එය වටලා, ඊට එරෙහි බිඳළුම් යන්ත්‍ර යෙදවී ය. 15ඒ පුංචි නගරයේ දුප්පත්, එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් විසී ය; තම ප්‍රඥාවෙන් ඔහු එම නගරය මුදා ගත්තේ ය. එහෙත් කිසිවකුත් ඒ දුප්පත් මිනිසා මතක් කළේ නැත. 16එබැවින් මම, “ශක්තියට වඩා ප්‍රඥාව හොඳ ය” යි කීවෙමි. එහෙත් දුප්පත් මිනිසාගේ ප්‍රඥාව සුළු කොට තැකිණ; ඔහුගේ වචනවලට සවන් දීමක් නො විණ.
17අඥානයින්ගේ පාලකයකුගේ බෙරිහන් දීමකට වඩා
ප්‍රඥාවතුන්ගේ ශාන්ත වචනවලට වඩාත් සවන් දීම යුතු ය;
18යුද්ධ ආයුධවලට වඩා ප්‍රඥාව හොඳ ය;
එහෙත් එක් පව්කරුවකු යහපත් දෑ බොහොමයක් වනසා දමයි.
දැනට තෝරාගෙන ඇත:
දේශනාකරු 9: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: