එබැවින් මේ සියල්ලට සිත යොමු කර, මා පැමිණි නිගමනය මෙයයි; ධර්මිෂ්ඨයින්, ප්‍රඥාවන්තයින් හා ඔවුන් කරන දෑ දෙවියන්වහන්සේගේ අත්වල පැවතුන ද, තමන් උදෙසා සූදානම් ව ඇත්තේ ප්‍රේමය ද වෛරය ද යන්න කිසිවකුත් නො දන්නා වගයි. සියල්ලන් ම අත් විඳින්නේ එක ම ඉරණමකි; ධර්මිෂ්ඨයින්ට මෙන් ම දුෂ්ටයින්ට ද සුදනන්ට මෙන් ම දුදනන්ට ද පවිත්‍ර අයට මෙන් ම අපවිත්‍ර අයට ද පුද පූජා ඔප්පු කරන්නන්ට මෙන් ම නො කරන්නන්ට ද එක ය. හොඳ මිනිසාට යම් සේ ද පව්කරුවාට ද එසේ ම ය; දිවුරන්නාට යම් සේ ද දිවුරුමට භයවන්නාට ද එසේ ම ය. හිරු යට කෙරෙන සියල්ලෙහි ඇති නපුර නම් හැමට එක ම ඉරණමක් අත්වීම ය. එපමණකුදු නො ව, මිනිසුන්ගේ හදවත් පිරී ඇත්තේ නපුරිනි; ඔවුන්ගේ ජීවිත කාලයේ ඔවුන්ගේ හදවත්හි වන්නේ උමතුවකි. ඉන්පසු ඔවුහු මළවුන්ට එකතු වෙති. එහෙත් ජීවත්වන්නන් අතර සිටින කෙනකුට බලාපොරොත්තුවක් තිබේ; මැරුණු සිංහයකුට වඩා ජීවත් වන බල්ලකු හොඳ ය. මන්ද දිනෙක තමන් මිය යන වග ජීවත්වන්නෝ දනිති; එහෙත් මළාහු කිසිවක් නො දනිති; තවදුරටත් විපාකයක් ඔවුනට නැත. ඔවුන් පිළිබඳ මතකය ද අමතක ව ගොසිනි. ඔවුන්ගේ ප්‍රේමය, ඔවුන්ගේ වෛරය හා ඔවුන්ගේ ඊර්ෂ්‍යාව ද ඒ වන විටත් පහව ගොසිනි. හිරු යට සිදුවන කවර දෙයක හෝ සහභාගිත්වයක් යළි කිසි කල ඔවුනට නො ලැබේ. යන්න, ප්‍රීතියෙන් යුතු ව ඔබේ ආහාර ගෙන, ප්‍රමෝද හදින් ඔබේ මිදි යුෂ පානය කරන්න; මන්ද දැනටමත් ඔබ කරන දෑ ගැන දෙවියන්වහන්සේ පැහැදී ඇත. හැම විට ඔබේ වස්ත්‍ර සුදු ව තිබේවා. හිස තෙලින් ආලේප කර තිබේවා. දෙවියන්වහන්සේ හිරු යට ඔබට දී ඇති ඔබගේ මේ නිරර්ථක ජීවිතයේ සියලු දවස්වලදී, ඔව්, නිරර්ථක ඔබේ සියලු දවස්හි දී ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ සමඟ ජීවිතය භුක්ති විඳින්න; මන්ද ජීවිතයේ ඔබේ පංගු කොටස එයයි; හිරු යට ඔබේ ප්‍රයත්නය ද එයයි. ඔබ අත තබන කවර කටයුත්තක් වුව ඔබේ මුළු වීර්යයෙන් කරන්න; මන්ද ඔබට යන්නට වන ෂෙයෝලයේදී වැඩ කිරීමක් හෝ සැලසුම් කිරීමක් හෝ දැනගැන්මක් හෝ ප්‍රඥාවක් හෝ නැත. හිරු යට තවත් යමක් මා දැක ඇත: එනම්, තරඟ දිවුම, ශීඝ්‍ර ධාවකයිනට නැති වග ය; සංග්‍රාමය, ප්‍රබලයිනට නැති වග ය; නැණවතුනට අහරවත්, අති දක්ෂයින්ට ධනයවත්, උගතුන්ට ප්‍රසාදයවත් ලැබෙන්නේ නැති වග ය. එහෙත් කාලයත්, අවස්ථාවත් ඒ හැමට උදා වේ. එපමණක් නො වේ; තමාගේ වෙලාව, කොයි වෙලේ ඒදැයි කිසිවකු නො දනී: මාළුවා කටුක දැලකට හසුවන්නා සේ, පක්ෂීන් උගුලකට හසුවන්නා සේ, අනපේක්ෂිත ව ඔවුන් පිට කඩා වැටෙන නපුරු අවස්ථාවනට මිනිස්සු හසු වෙති. මසිතට තදින් කා-වැදුණු ප්‍රඥාවේ මෙම නිදර්ශනය ද හිරු යටදී මා දැක ඇත; සුළු ජනගහනයක් ඇති පුංචි නගරයක් තිබිණි; බලවත් රජෙක් ඊට විරුද්ධ ව අවුත්, එය වටලා, ඊට එරෙහි බිඳළුම් යන්ත්‍ර යෙදවී ය. ඒ පුංචි නගරයේ දුප්පත්, එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් විසී ය; තම ප්‍රඥාවෙන් ඔහු එම නගරය මුදා ගත්තේ ය. එහෙත් කිසිවකුත් ඒ දුප්පත් මිනිසා මතක් කළේ නැත. එබැවින් මම, “ශක්තියට වඩා ප්‍රඥාව හොඳ ය” යි කීවෙමි. එහෙත් දුප්පත් මිනිසාගේ ප්‍රඥාව සුළු කොට තැකිණ; ඔහුගේ වචනවලට සවන් දීමක් නො විණ. අඥානයින්ගේ පාලකයකුගේ බෙරිහන් දීමකට වඩා ප්‍රඥාවතුන්ගේ ශාන්ත වචනවලට වඩාත් සවන් දීම යුතු ය; යුද්ධ ආයුධවලට වඩා ප්‍රඥාව හොඳ ය; එහෙත් එක් පව්කරුවකු යහපත් දෑ බොහොමයක් වනසා දමයි.
දේශනාකරු 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දේශනාකරු 9:1-18
5 Days
Is life fair? Should we really try to follow God's plan for our lives? How can we have a better life? These and other questions are addressed in this chapter from Ecclesiastes. Join us for this 5 day journey in this incredible chapter filled with wisdom for college students in our time.
12 Days
Written by an elderly King Solomon, Ecclesiastes reflects on a life of meaningless pursuits. Solomon writes that the world's pursuits, from wealth to self-indulgence, are vain and unfulfilling. Ecclesiastes determines that God and his presence make life fulfilling, and true wisdom is to fear God and keep his commandments (Ecclesiastes 12:13).
15 Days
Ecclesiastes is tough to read! The author, Solomon, is deeply reflective and concludes that everything is meaningless. Interestingly, these words are still relatable three thousand years later. Is everything meaningless? Why is this book in the Bible? Study the book of Ecclesiastes with the Story Bible guide, exploring what it meant when it was first written and what it means to us today.
28 Days
Do you feel overwhelmed, dissatisfied, and stuck in a rut? Wishing your day-to-day life could improve? God's Word is your guide to brighter days. During this 28-day reading plan, you will discover ways you can go from living just a good life to living the type of better life that God desires you to have.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ