දේශනාකරු 6
6
1හිරු යට තවත් නපුරක් මා දැක ඇත; එය මිනිසුන් පිට පැටවුණු දැඩි බරකි. 2දෙවියන්වහන්සේ කෙනකුට ඔහුගේ හදවත ආශා කරන කිසිවක් හිඟ නො වන ලෙසට ධනය හා සම්පත් ද ගෞරවය ද ලබා දෙන නමුදු, ඒවා භුක්ති විඳීමේ හැකියාව දෙවියන්වහන්සේ ඔහුට දී නැත; ඒ වෙනුවට ඒවා භුක්ති විඳින්නේ පිටස්තරයෙකි; මෙය ද නිරර්ථකයක් ය; බරපතළ නපුරකි.
3මනුෂ්‍යයකු දරුවන් සියයකගේ පියකු වුව ද, අවුරුදු බොහෝ ගණනක් වාසය කළ ද, කොතරම් දිගු කලක් ඔහු ජීවත් වූවත් ඔහු සතු සම්පත් ඔහුට භුක්ති විඳිය නො හැකි නම් හා නිසි භූමදානයක් නො ලැබේ නම් උපතින් ම මළ දරුවකු ඊට වඩා හොඳ ය. 4මන්ද ඔහු නිරර්ථක ව ඇවිත් අන්ධකාරයට යන්නේ ය. අන්ධකාරයෙන් ඔහුගේ නම වැසී යන්නේ ය. 5ඔහු හිරු එළිය නුදුටු නමුදු, කිසිවක් නො දත් නමුදු, අර මිනිසාට වඩා සැනසිල්ලක් ඔහුට ඇත. 6අනෙකා අවුරුදු දහසක් හෝ එමෙන් දෙගුණයක් ජීවත් වෙතත්, ඔහු සතු සම්පත් භුක්ති විඳීමට ඔහු අපොහොසත් නම්! කෙසේ වෙතත් සියල්ලන් ම යන්නේ එක තැනකට නො වේ ද?
7හැම මිනිසකු ම වෙහෙසෙන්නේ තම බඩ-කට උදෙසා ය;
එහෙත් ඔහුගේ කුසගින්න සෑහීමට පත් වන්නේ නැත.
8අඥානයකුට වඩා ප්‍රඥාවත් මිනිසකුට ඇති වාසිය කුමක් ද?
අන්‍යයන් ඉදිරියේ තමන් හැසිරිය යුත්තේ කෙසේදැයි දැනගැනීමෙන්
දුගියකුට අත්වන ප්‍රයෝජනය කුමක් ද?
9දඩාවතේ යන ආශාවනට වඩා
ඇසින් දකින දේ හොඳ ය;
මෙය ද නිරර්ථකයක් ය;
සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.
10පවතින හැම දේකට දැනටමත් නමක් දී ඇතුවා මෙන් ම
මනුෂ්‍යයා කවරෙක්දැයි හැඳින ගනු ලැබ ඇත;
තමාට වඩා ප්‍රබල කෙනකු සමඟ
තරඟ කළ නො හැකි ය.
11වචන වැඩි වන තරමට
අර්ථය අඩු වේ;
යමකුට එයින් වන ප්‍රයෝජනය කුමක් ද?
12සෙවණැල්ලක් මෙන් පහ වී යන තමන් ජීවත් වන නිරර්ථක වූ දවස් තුළ, තමාට හොඳ මොනවාදැයි දන්නේ කවුරු ද? තමාගේ ඇවෑමෙන් පසු හිරු යට කුමක් සිදු වනු ඇද්දැයි ඔහුට කියන්නට කාට හැකි ද?
දැනට තෝරාගෙන ඇත:
දේශනාකරු 6: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: