දේශනාකරු 5:4-7
දේශනාකරු 5:4-7 SCV
දෙවියන්වහන්සේට ඔබ බාරයක් වූ කල, එය ඉටු කිරීම පමා නො කරන්න. අඥානයින් ගැන උන්වහන්සේගේ මනාපයක් නැත; ඔබේ බාර ඉෂ්ට කරන්න. බාරයක් වී, එය ඉෂ්ට කිරීම පැහැර හරිනවාට වඩා බාරයක් නො වී සිටීම හොඳ ය. ඔබ පවට පොලඹවන්නට ඔබේ මුවට ඉඩ නො දෙන්න. “මගේ බාරය අත්වැරැද්දක් ය” කියා පණිවුඩකරුවා සමඟ තර්ක නො කරන්න. ඔබ පවසන දෑට දෙවියන්වහන්සේ කෝප වී, ඔබගේ දෑතේ වැඩ විනාශ කර දමන්නේ කුමට ද? බොහෝ සිහින මැවීම හා බොහෝ වචන දෙඩීම නිරර්ථක ය. එබැවින් දෙවියන්වහන්සේට භය පක්ෂ ව සිටින්න.

