දේශනාකරු 5:1-7

දේශනාකරු 5:1-7 SCV

දෙවියන්වහන්සේගේ ගෘහයට යන කල සාවධාන ව කටයුතු කරන්න. තමන් කරන්නේ වරදක් වග නො දැන ඔප්පු කරන අඥානයින්ගේ යාග පූජාවකට වඩා සවන් දීමට ළඟාවීම හොඳ ය. කතා කරන්නට ඉක්මන් නො වන්න, දෙවියන්වහන්සේ ඉදිරියේ යමක් කීමට ඔබේ හදින් කඩිනම් නො වන්න. දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය; ඔබ පොළොවේ ය; එබැවින් ඔබේ වචන ස්වල්ප වේවා! වැඩ කටයුතු අධික වූ කල සිහින පෙනෙන්නා සේ අඥානයාගේ හඬ වචන රාශියකින් යුක්ත ය. දෙවියන්වහන්සේට ඔබ බාරයක් වූ කල, එය ඉටු කිරීම පමා නො කරන්න. අඥානයින් ගැන උන්වහන්සේගේ මනාපයක් නැත; ඔබේ බාර ඉෂ්ට කරන්න. බාරයක් වී, එය ඉෂ්ට කිරීම පැහැර හරිනවාට වඩා බාරයක් නො වී සිටීම හොඳ ය. ඔබ පවට පොලඹවන්නට ඔබේ මුවට ඉඩ නො දෙන්න. “මගේ බාරය අත්වැරැද්දක් ය” කියා පණිවුඩකරුවා සමඟ තර්ක නො කරන්න. ඔබ පවසන දෑට දෙවියන්වහන්සේ කෝප වී, ඔබගේ දෑතේ වැඩ විනාශ කර දමන්නේ කුමට ද? බොහෝ සිහින මැවීම හා බොහෝ වචන දෙඩීම නිරර්ථක ය. එබැවින් දෙවියන්වහන්සේට භය පක්ෂ ව සිටින්න.

මෙයට අදාළ වීඩියෝ

දේශනාකරු 5:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය