දේශනාකරු 4

4
පීඩා සහ වෙහෙස
1නැවතත් මා බැලූ කල, හිරු යට සිදු කෙරෙන සියලු පීඩා දැක්කෙමි:
පීඩිතයින්ගේ කඳුළු මම දැක්කෙමි;
ඔවුන් සනසන්නට කිසිවකු නැත.
බලය තිබුණේ පීඩකයින්ගේ පැත්තට ය;
සනසන්නෙක් ඔවුනට නො වී ය.
2එබැවින් දැනට ම මිය ගොස් ඇති
මළගිය ඇත්තන්
තවමත් ජීවත් ව සිටින ජීවතුන්ට වඩා භාග්‍යවත් යයි
මම ප්‍රකාශ කළෙමි.
3එහෙත් ඒ දෙගොල්ලට ම වඩා
තවමත් නූපන් අයට හොඳ ය;
හිරු යට කෙරෙන දුෂ්ටකම්
ඒ අය දැක නැත.
4යම් කාරියක් සඳහා හැම පරිශ්‍රමයක් හා දක්ෂතාවක් පැන නැගෙන්නේ කෙනකුගේ අසල්වැසියාගේ ඊර්ෂ්‍යාව හේතු කොට බැව් මම දුටුවෙමි. මෙය ද නිරර්ථකයකි; සුළඟ අල්ලන්නට හඹා යෑමකි.
5අඥානයා තම අත් අකුළාගෙන
තමාගේ ම මාංසය කන්නේ ය#4:5 තමාගේ ම මාංසය කන්නේ ය එනම් තමා ම නසා ගන්නේ ය..
6වෙහෙස වී, සුළඟ පසු පස හඹා යමින්
අත් දෙක ම පුරවා ගන්නවාට වඩා
නිශ්චලතාවයෙන් යුතු ව එක් අහුරක් හොඳ ය.
7හිරු යට තවත් නිරර්ථකකමක් මම යළි දුටුවෙමි:
8තනි වූ හුදකලා වූ මිනිසෙක් සිටියේ ය;
ඔහුට පුත්‍රයකු හෝ සහෝදරයකු හෝ නො වී ය.
එහෙත් ඔහුගේ වෙහෙස මහන්සිවීමේ කෙළවරක් නැත.
තම ධනය ගැන ඔහුගේ ඇස් තෘප්තිමත් වූයේ නැත.
“මා මේ වෙහෙසෙන්නේ කවුරුන් උදෙසා ද?
ජීවිතේ ප්‍රීතිය මා අහිමි කර ගන්නේ මොකට දැ?” යි ඔහු අසයි.
මෙය ද නිරර්ථකයකි.
දුක්ඛිත තත්වයකි.
9එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය;
මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ;
10ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද
ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන.
එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව
වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ.
11තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ.
එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද?
12තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු
දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත.
තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.
නිරර්ථක ය
13උපදෙස් පිළිගන්නට නො දන්නා මහලු මෝඩ රජකුට වඩා දුප්පත් නැණවත් තරුණයකු හොඳ ය. 14ඔහු සිර කුටියක සිට සිංහාසනයට නැගුණා හෝ තම රාජධානියේ දුගියකු ව ඉපදුණා හෝ විය හැකි ය. 15ජීවත් වන, හිරු යට ඇවිදින සියල්ලන් රජුගේ අනුප්‍රාප්තික තරුණයා#4:15 රජුගේ අනුප්‍රාප්තික තරුණයා හෙවත් ඔහුගේ අනුප්‍රාප්තික දෙවැනි තරුණයා පසු පස යනවා මම දැක්කෙමි. 16ඔහු නායකත්වය දුන් ජනයා ගණන් නැති තරම් ය. එහෙත් පසුව පැමිණෙන්නෝ ඔහු ගැන ප්‍රසන්න නො වෙති. මෙය ද නිරර්ථකයකි; සුළඟ අල්ලන්නට හඹා යෑමකි.

දැනට තෝරාගෙන ඇත:

දේශනාකරු 4: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න