දේශනාකරු 4:9-12
දේශනාකරු 4:9-12 SCV
එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය; මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ; ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන. එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ. තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ. එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද? තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත. තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.



