දේශනාකරු 4:8-12
දේශනාකරු 4:8-12 SCV
තනි වූ හුදකලා වූ මිනිසෙක් සිටියේ ය; ඔහුට පුත්‍රයකු හෝ සහෝදරයකු හෝ නො වී ය. එහෙත් ඔහුගේ වෙහෙස මහන්සිවීමේ කෙළවරක් නැත. තම ධනය ගැන ඔහුගේ ඇස් තෘප්තිමත් වූයේ නැත. “මා මේ වෙහෙසෙන්නේ කවුරුන් උදෙසා ද? ජීවිතේ ප්‍රීතිය මා අහිමි කර ගන්නේ මොකට දැ?” යි ඔහු අසයි. මෙය ද නිරර්ථකයකි. දුක්ඛිත තත්වයකි. එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය; මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ; ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන. එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ. තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ. එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද? තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත. තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.



