දේශනාකරු 12:9-13

දේශනාකරු 12:9-13 SCV

දේශනාකරු ප්‍රඥාවත් පමණක් නො වේ; ඔහු ජනයාට අවබෝධය ලබා දුන්නේ ය. ඔහු මනා සැලකිල්ලෙන් සොයා බලා, බොහෝ උපදේශ සම්පාදන කළේ ය. ප්‍රිය වචන පරීක්ෂාකාරී ව සපයා ගත් දේශනාකරු ලියූ දෑ සෘජු ය; සත්‍යය ය. ප්‍රඥාවතුන්ගේ වචන කෙවිටි බඳු ය; ඔවුන් එක් රැස් කළ කියමන් තදවන්නට ගැසූ ඇණ වැන්න; ඒවා එක්තරා එඬේරාණන් කෙනකු විසින් දෙනු ලැබූ ඒවා ය. මගේ පුත්‍රය, මේවාටත් අමතරව ඇති දෑ ගැන දැනමුතුකම් ලබන්න; බොහෝ පොත් තැනීමෙහි කෙළවරක් නොමැත. අධික අධ්‍යයනය ගතට වෙහෙසකාරී ය. දැන් සියල්ල අසා හමාර ය; කාරණයේ තීන්දුව මෙයයි: දෙවියන්වහන්සේට භය පක්ෂ වන්න; උන්වහන්සේගේ ආඥා රක්ෂා කරන්න; මුළු මිනිස් සංහතියේ කාර්ය භාරය එයයි.