දේශනාකරු 12:1-8

දේශනාකරු 12:1-8 SCV

ඔබේ යෞවන දවස්වලදී ඔබේ මැවුම්කරුවාණන් සිහි කරන්න; එසේ කළ යුතු, විපත්ති දවස් පැමිණෙන්නට කලිනි; මන්ද, “මා ඒවාට ප්‍රිය නැතැ” යි ඔබ පවසන අවුරුදු ළඟා වෙයි. හිරු ද ආලෝකය ද සඳු හා තරු ද අන්ධකාර වන්නට කලිනි; වැස්සට පසු වලාකුළු ආපසු එන්නට කලිනි. එකල නිවසේ මුරට සිටින්නෝ වෙවුලන්නෝ ය; ශක්තිමත් පිරිමි නැමෙන්නෝ ය. ඉතා ස්වල්ප දෙනකු පමණක් බැවින් අඹරන්නියෝ ඇඹරුම් නවතති. කවුළු අතරින් බලන්නන්ට පැහැදිලි ව නො පෙනේ. එවිට වීදියේ දොරවල් වසනු ලබයි, ඇඹරුම් හඬ අඩාල ව යයි, කුරුලන්ගේ නාදයට මිනිසුන් අවදි වෙයි, ඔවුන්ගේ සියලු ගීත නාද හීන වී යයි. මිනිසුන් ඉහළට හා වීදියේ අනතුරුවලට බය වෙයි, බාදම් ගසේ මල් හට ගනියි, පළඟැටියා තනි ව ඇදී යයි, තවදුරටත් ආශා පුබුදුවන්නේ නැත; ඉන්පසු මිනිසා තම සදාතනික නිවසට යන්නේ ය; වැලපෙන්නෝ වීදි ඔස්සේ යන්නෝ ය. එසේය, උන්වහන්සේ සිහි කරන්න රිදී රැහැන කැඩීයන්න පළමු, රන් බඳුන බිඳී යන්න පළමු, දිය පාර ළඟ කළය බිඳෙන්නට හා ළිඳේ බොලොක්කය කැඩෙන්නට පළමු, දූවිල්ල එය පැමිණි ලෙස ආපසු පසට හැරී යන්නට පළමු, ආත්මය එය දුන් දෙවියන්වහන්සේ වෙත ආපසු යන්නට පළමු, (උන්වහන්සේ සිහි කරන්න). “නිරර්ථක ය! නිරර්ථක ය!” යි දේශනාකරු පවසයි. “හැම දෙයක් ම නිරර්ථක ය!”

මෙයට අදාළ වීඩියෝ

දේශනාකරු 12:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය