දේශනාකරු 12:1-6

දේශනාකරු 12:1-6 SCV

ඔබේ යෞවන දවස්වලදී ඔබේ මැවුම්කරුවාණන් සිහි කරන්න; එසේ කළ යුතු, විපත්ති දවස් පැමිණෙන්නට කලිනි; මන්ද, “මා ඒවාට ප්‍රිය නැතැ” යි ඔබ පවසන අවුරුදු ළඟා වෙයි. හිරු ද ආලෝකය ද සඳු හා තරු ද අන්ධකාර වන්නට කලිනි; වැස්සට පසු වලාකුළු ආපසු එන්නට කලිනි. එකල නිවසේ මුරට සිටින්නෝ වෙවුලන්නෝ ය; ශක්තිමත් පිරිමි නැමෙන්නෝ ය. ඉතා ස්වල්ප දෙනකු පමණක් බැවින් අඹරන්නියෝ ඇඹරුම් නවතති. කවුළු අතරින් බලන්නන්ට පැහැදිලි ව නො පෙනේ. එවිට වීදියේ දොරවල් වසනු ලබයි, ඇඹරුම් හඬ අඩාල ව යයි, කුරුලන්ගේ නාදයට මිනිසුන් අවදි වෙයි, ඔවුන්ගේ සියලු ගීත නාද හීන වී යයි. මිනිසුන් ඉහළට හා වීදියේ අනතුරුවලට බය වෙයි, බාදම් ගසේ මල් හට ගනියි, පළඟැටියා තනි ව ඇදී යයි, තවදුරටත් ආශා පුබුදුවන්නේ නැත; ඉන්පසු මිනිසා තම සදාතනික නිවසට යන්නේ ය; වැලපෙන්නෝ වීදි ඔස්සේ යන්නෝ ය. එසේය, උන්වහන්සේ සිහි කරන්න රිදී රැහැන කැඩීයන්න පළමු, රන් බඳුන බිඳී යන්න පළමු, දිය පාර ළඟ කළය බිඳෙන්නට හා ළිඳේ බොලොක්කය කැඩෙන්නට පළමු