දේශනාකරු 12:1-3
දේශනාකරු 12:1-3 SCV
ඔබේ යෞවන දවස්වලදී ඔබේ මැවුම්කරුවාණන් සිහි කරන්න; එසේ කළ යුතු, විපත්ති දවස් පැමිණෙන්නට කලිනි; මන්ද, “මා ඒවාට ප්‍රිය නැතැ” යි ඔබ පවසන අවුරුදු ළඟා වෙයි. හිරු ද ආලෝකය ද සඳු හා තරු ද අන්ධකාර වන්නට කලිනි; වැස්සට පසු වලාකුළු ආපසු එන්නට කලිනි. එකල නිවසේ මුරට සිටින්නෝ වෙවුලන්නෝ ය; ශක්තිමත් පිරිමි නැමෙන්නෝ ය. ඉතා ස්වල්ප දෙනකු පමණක් බැවින් අඹරන්නියෝ ඇඹරුම් නවතති. කවුළු අතරින් බලන්නන්ට පැහැදිලි ව නො පෙනේ.

