දේශනාකරු 11:1-6

දේශනාකරු 11:1-6 SCV

ඔබගේ රොටි ජලය මත හෙළන්න; මන්ද බොහෝ දවසකට පසු, ඔබට ඒවා යළි සම්භ වේ; හත් දෙනකුට නැති නම් අ‍ට දෙනකුට කොටස් බෙදා දෙන්න; මන්ද දේශය පිට, කවර විපත්තියක් පැමිණේදැයි ඔබ දන්නේ නැත. වලාකුළු ජලයෙන් බර ව තිබෙන කල, පොළොවට වැහි වහී; ගහක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම වැටී තියේ. සුළඟ ගැන බලා සිටින්නන් වපුරන්නේ නැත; වලාකුළු ගැන බලා සිටින්නන් නෙළාගන්නේ නැත. සුළඟේ ගමන් මග ඔබ දන්නේ නැති සේ ම, මවකගේ ගර්භයේ කලලය සෑදෙන හැටි නො දන්නා සේ ම, සියල්ලේ මැවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ වැඩ ඔබට වටහා ගත නො හැක. ඔබගේ බීජ උදෑසන වපුරන්න; සවස ද ඔබේ දෑත එම කාරියෙන් නො වළකා ගන්න. මන්ද සඵල වන්නේ ඒවා ද මේවා ද නැති නම් ඒ දෙක ම එක සේ හරියා ද කියා ඔබ දන්නේ නැත.

මෙයට අදාළ වීඩියෝ

දේශනාකරු 11:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය