දේශනාකරු 1:9-11
දේශනාකරු 1:9-11 SCV
කලින් තිබූ දේ, යළි ඇති වේ; පෙර කළ දෑ, යළි කරනු ලැබේ; අහසින් යට කිසිවක් අලුත් නැත. “මෙන්න! මේක අලුත් දෙයක්” ය කියා කීමට හැකි කිසිවක් තියේ ද? බොහෝ ඉහතදී එය මෙහි තිබිණ; අපේ කාලයට ඉස්සර එය මෙහි තිබී ඇත. පූර්වයේ සිටියවුන් ගැන සිහි කිරීමක් නැත; තවමත් එන්නට සිටින්නවුන් ගැන ද ඔවුනට පසුව පැමිණෙන්නවුන් විසින් සිහි නො කරනු ඇත.

