දේශනාකරු 1:2-8

දේශනාකරු 1:2-8 SCV

“නිරර්ථක ය! නිරර්ථක ය! මුළුමනින් ම නිරර්ථක ය! හැම දෙයක් ම නිරර්ථක යැ” යි දේශනාකරු පවසයි. හිරු යටදී වෙහෙස වී කරන ඔහුගේ මහන්සියෙන් මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක් ද? පරම්පරාවක් යයි; පරම්පරාවක් එයි. එහෙත් පොළොව සදහට ම පවතී. හිරු නැග එයි; හිරු බැස යයි; කඩිනමින් එය නැග එන තැනට ආපසු යයි. සුළඟ දකුණු දෙසට හමයි; එය වටේට උතුරට යයි; සුළඟ වටයෙන් වටයට හමා යමින්, සුළඟ එහි ගමන් පථයක යළි පැමිණෙයි. සියලු ගංගා සයුරට ගලයි; එහෙත් සයුර පිරී ඉතිරෙන්නේ නැත; ගංගා ඒවා පටන් ගත් තැනට ම ආපසු එයි. කෙනකු විසින් විස්තර කරන්නට බැරි තරම් හැම දෙයක් ම වෙහෙසකර ය; දැකීමෙන් ඇස සෑහීමට පත් නො වේ; ඇසීමෙන් කන ද නො පිරේ.