දේශනාකරු 1:13-15

දේශනාකරු 1:13-15 SCV

අහසින් යට කෙරෙන හැම දෙයක් ම ප්‍රඥාවෙන් විමසා, හැදෑරීමට මම කැපවුණෙමි. දෙවියන්වහන්සේ මිනිසුන් පිට පටවා ඇත්තේ මොන තරම් බැරි බරක් ද! හිරුට යටින් කෙරෙන හැම දෙයක් ම මම දුටිමි; ඇත්තෙන් ම ඒ හැම නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය. වකගැසුණු දෑ කෙළින් කළ නො හැක; නැති දෑ ගණන් කළ නො හැක.