ද්විතීය 8:15-17

ද්විතීය 8:15-17 SCV

උන්වහන්සේ ඔබ ගෙන ආවේ, විසකුරු සර්පයින් හා ගෝනුස්සන්ගෙන් යුතු, වතුර නැති, ඒ පිපාසිත මහා රුදුරු පාළුකරය ඔස්සේ ය. කළු ගල් පර්වතයෙන් උන්වහන්සේ ඔබට වතුර දුන් සේක. පාළුකරයේදී උන්වහන්සේ ඔබ පෝෂ්‍ය කළේ, ඔබේ පියවරුන් කිසි කලෙක නො දැන සිටි මන්නාවලිනි. එසේ කළේ, කෙළවරදී ඔබට සෙත සැලසෙන පිණිස ඔබ යටත් කොට, ඔබ පරීක්ෂා කරනු පිණිස ය. ඇතැම් විට ඔබ, “මා මෙම සම්පත් සපයා ගත්තේ, මගේ බලයෙන් හා මගේ දෑතේ සවියෙන් යැ” යි ඔබට ම කිව හැකි ය.