ද්විතීය 6:12-19

ද්විතීය 6:12-19 SCV

ඊජිප්තු දේශයෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ස්වාමින්වහන්සේ අමතක නො කරන්නට වග බලා ගන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට භය පක්ෂපාත වන්න. උන්වහන්සේට පමණක් සේවය කරන්න. ඔබේ දිවුරුම් උන්වහන්සේගේ නාමයෙන් කරන්න. වෙනත් දෙවිවරුන්, ඔබ අවට සිටින ජනයාගේ දෙවිවරුන් අනුව නො යන්න. මන්ද ඔබ මධ්‍යයේ සිටින, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ වන බැවින්, උන්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළ, පොළෝ තලයෙන් ඔබ විනාශ කර දමනු ඇත. මස්සාහිදී කළාක් මෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා ද උන්වහන්සේ ඔබට පැන වූ පනත් හා නියෝග ද නියතයෙන් ම පිළිපදින්න. ස්වාමින්වහන්සේ ඉදිරියේ හරි දේත්, හොඳ දේත් කරන්න. එසේ කළ යුත්තේ ඔබට සෙත සැලසෙන පිණිසත්, ඔබේ ආදි පියවරුනට ස්වාමින්වහන්සේ දිවුරා පොරොන්දු වූ සරු සාර දේශයට පිවිස, ඔබට එය අත්කර ගත හැකි වනු පිණිසත් ය. එය කළ හැක්කේ ස්වාමින්වහන්සේ පැවසූ පරිදි, ඔබේ සතුරන් ඔබ ඉදිරිපිටින් පන්නා දමනු ලැබීමෙනි.

මෙයට අදාළ වීඩියෝ

ද්විතීය 6:12-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය