ද්විතීය 5:22-24

ද්විතීය 5:22-24 SCV

කන්දේදී ගින්න ද වලාව ද ගන කළුවර ද මැද සිට ස්වාමින්වහන්සේ එහි එක් රැස් වූ ඔබේ මුළු ජන හමුව අමතා, උස් හඬින් ප්‍රකාශ කළ නියෝග මේවා ය. උන්වහන්සේ ඊට තවත් කිසිවක් එකතු නො කළ සේක. උන්වහන්සේ ගල් පුවරු දෙකක ඒවා ලියා, ඒවා මට දුන් සේක. කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් උන්වහන්සේගේ කටහඬ ඔබට ඇසුණු කල, ඔබේ ගෝත්‍ර වංශ ප්‍රධානීන් සියලු දෙනා ද ඔබේ වැඩිහිටියෝ ද මා වෙත ආහ. අවුත්, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය මහිමශ්‍රීයත්, ස්වකීය තේජශ්‍රීයත් අපට පෙන් වූ සේක. උන්වහන්සේගේ කටහඬ, ගින්න වෙතින් අපි ඇසීමු. දෙවියන්වහන්සේ මිනිසකු සමඟ කතා කළ පසු පවා, ඔහුට ජීවත් විය හැකි බව අද අපි දුටුවෙමු.