එම්බා ඉශ්‍රායෙල්, මා ඔබට උගන්වන්නට යන නියෝග හා නියමයන්වලට දැන් සවන් දෙන්න; ඔබ ජීවත් වන පිණිසත්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට පිවිස, එය අත්කර ගන්නා පිණිසත්, ඒවා අනුගමන කරන්න. මා ඔබට අණ කරන දෑට කිසිවක් එකතු කරන්නේවත්, එයින් කිසිවක් අඩු කරන්නේවත් නැතිව, මා ඔබට නියම කරන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපදින්න. ස්වාමින්වහන්සේ බාල්-පෙයෝර්හි දී කළ දෑ ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවා. බාල්-පෙයෝර් පසු පස ගිය හැම කෙනකු ම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරින් විනාශ කර දැමූ හැටි ඔබ දුටුවා. එහෙත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට බැඳී සිටි ඔබ හැම අදත් ජීවත් ව සිටිනවා. ඔන්න! මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මට අණ කළ සේ, මා ඔබට මේ නියෝග හා නියමයන් ඉගැන්නුවේ, හිමි කර ගන්නට ඔබ ඇතුළු වන දේශයේදී ඔබ ඒවා අනුගමන කරන පිණිසයි. මනා සැලකිල්ලෙන් ඒවා පිළිපදින්න. මන්ද ඔබේ ප්‍රඥාවත්, අවබෝධයත් සෙසු ජාතීනට පෙන්නුම් කරන්නේ එමඟිනි. මෙම නියෝග සියල්ල ගැන අසන්නට ලැබෙන කල, “සැබවින් ම මේ ශ්‍රේෂ්ඨ ජාතිය ප්‍රඥාවත්, බුද්ධිමත් ජනතාවකැ” යි ඔවුන් කියනු ඇත.
ද්විතීය 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 4:1-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ