“දැන් බලන්න! උන්වහන්සේ මා පමණක් ය. මා හැර අන් දෙවි කෙනෙක් නැත. මරණයට හෙළන්නේ මම ය; ජීවනයට ගෙනෙන්නේත් මම ය. මම තුවාල කළෙමි. මම සුවපත් කරන්නෙමි. මගේ අතින් මුදා ගත හැකි සමතකු නැත. ස්වර්ගයට මගේ අත ඔසවා, මම දිවුරා මෙසේ ප්‍රකාශ කරමි: මා සදා ජීවත් වන වග සැබෑ සේ ම, දිළිසෙන මගේ අසිපත මා මුවහත් කොට, විනිශ්චයේදී මා එය අතට ගත් කල, මගේ සතුරන්ගෙන් මම පළිගන්නෙමි. මට වෛර කරන්නන්ට විපාක දෙන්නෙමි. මරා දමන ලද්දවුන්ගේ හා අල්ලා ගනු ලැබූවන්ගේ ලෙයින් ද සතුරන්ගේ දිගු කෙස් සහිත හිස්වලින් ද මගේ හී, ලෙයින් මත් කරමි. මගේ කඩුව, මාංස කා දමනු ඇත.” එම්බා ජාතීනි, උන්වහන්සේගේ ජනයා සමඟ ප්‍රීති වන්න. මන්ද, උන්වහන්සේ තම සේවකයින්ගේ ලේවල පළිය ගන්නා සේක, තම සතුරන්ගෙන් පළි ගන්නා සේක. තම දේශය හා තම ජනතාව උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කරන සේක.
ද්විතීය 32 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 32:39-43
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ