ද්විතීය 26:1-4

ද්විතීය 26:1-4 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුමයක් කර දෙන දේශයට ඇතුල් ව, ඔබ එය අත්පත් කර ගෙන, එහි පදිංචි වූ කල, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ පොළොවෙන් ඔබ උපදවා ගත් මුළු නිපැයුමෙන් ප්‍රථම පලවලින් කොටසක් ගෙන, ඒවා කූඩයක දමා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය වාසය සඳහා තෝරා ගන්නා ස්ථානයට යන්න. ගොස්, එකලට නිලලත් පූජකයා අමතා, “අපට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ අපේ පියවරුන්ට දිවුරූ දේශයට මා පැමිණි වග ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මම අද ප්‍රකාශ කරමි” යි කියන්න. පූජකයා ඔබේ අතින් කූඩය ගෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පූජාසනය ඉදිරියෙන් එය තැබිය යුතු ය.