ද්විතීය 25:17-19

ද්විතීය 25:17-19 SCV

ඔබ ඊජිප්තුවෙන් පිට වී එන අතර මගදී අමලෙක්වරුන් කළ දේ සිහි කරන්න. ඔබ වෙහෙසී, තෙහෙට්ටුව ගමන් ගනිද්දී, ඔබ හමුවට ආ ඔවුහු, ගාටමින් පසුපසින් ආ සියල්ලන්ට පහර දුන්හ. දේව භයක් ඔවුනට තිබුණේ නැත. උරුමයක් කොට හිමි කර ගන්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබ වටා සිටින සියලු සතුරන්ගෙන් උන්වහන්සේ ඔබට විවේකය දුන් කල, අමලෙක් පිළිබඳ මතකය අහස යටින් ඔබ මකා දැමිය යුතු ය. එය අමතක නො කරන්න.