ද්විතීය 22:22-24
ද්විතීය 22:22-24 SCV
යම් මිනිසෙක් අනෙකකුගේ බිරිඳක සමඟ සයනය කර අසු වුවහොත්, ඒ ස්ත්‍රිය සමඟ යහන් වැදි මිනිසාත්, ඒ ස්ත්‍රියත් යන දෙදෙනා ම මරා දැමිය යුතු ය. ඔබ මෙසේ ඉශ්‍රායෙල් වෙතින් දුෂ්ටකම පහ කර දැමිය යුතු ය. විවා ගිවිසි කන්‍යාවක් නගරයක් තුළදී මිනිසකුට මුණ ගැසී, ඔහු ඇය හා සයනය කරයි නම්, ඒ දෙදෙන ම එම නගර දොරටුව වෙත ගෙනවුත්, ඔවුන් මැරෙන තුරා ගල් ගැසිය යුතු ය. නගරයක් තුළ එය සිදුවීත්, පිහිට ඉල්ලා කෑ නො ගැසූ බැවින් තරුණිය ද අනෙකකුගේ බිරිඳක දූෂ්‍ය කළ බැවින්, ඒ මිනිසා ද මරා දැමිය යුතු ය. ඔබ මෙසේ, ඔබ අතරින් දුෂ්ටකම පහ කර දැමිය යුතු ය.

