ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ ජාතීන්, උන්වහන්සේ විසින් විනාශ කර දමනු ලැබූ කල හා ඔවුන් පන්නා දමා, ඔවුන්ගේ නගරවල ද නිවෙස්වල ද ඔබ පදිංචි වූ කල, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුම කර ගැනීමට දෙන දේශයේ පිහිටි නගර තුනක් ඔබට වෙන් කර ගන්න. ඒවාට මාවත් තනා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුමයක් කොට දෙන දේශය, එම නගර ද සහිත ව තුන් කොටසකට බෙදන්න. එම නගර මිනී මැරූ කෙනකුට පලා යා හැකි අභය භූමි වෙයි.
ද්විතීය 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 19:1-3
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ