ද්විතීය 16:18-22
ද්විතීය 16:18-22 SCV
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන හැම නගරයක ම, ඔබේ එක් එක් ගෝත්‍රය සඳහා විනිශ්චයකරුවන් හා නිලධාරීන් පත් කරන්න. ඔවුන් යුක්ති සහගත ව ජනයා විනිශ්චය කළ යුතු ය. යුක්තිය, අයුක්තියට නො හරවන්න. පක්ෂග්‍රාහී නො වන්න. අල්ලස් නො ගන්න. මන්ද අල්ලස, නැණවතුන්ගේ ඇස් අන්ධ කර, දමිටුන්ගේ වචන කණපිට පෙරළවයි. ඔබ ජීවත් වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය උරුම කර ගන්නා පිණිස, යුක්තිය ඉටු කරන්න; යුක්තිය පමණක් ම අනුගමන කරන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ ගොඩ නගන පූජාසනය පසෙකින් අෂේරා සැමරුම් ලී කණු නො සිටුවන්න. පූජනීය ගලක් ද නො සිටුවන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒවාට ද්වේෂ කරන සේක.

