ද්විතීය 13
13
අන් දෙවිවරුන් නැමදීම
1යම් දිවැසිවරයකු හෝ ස්වප්න ශාස්ත්‍රඥයකු ඔබ අතරේ පෙනී සිට, යම් හාස්කමක් හෝ පුදුමයක් හෝ ප්‍රකාශ කර, 2පැවසූ ඒ ලකුණ හෝ පුදුමය ඉටු වූ කල, “වෙනත් දෙවිවරුන් පසු පස ගොස්, අපි ඔවුන්ට වැඳ නමස්කාර කරමු” යි ඔබ නාඳුනන දෙවි-දේවතාවුන් ගැන කිවහොත්, 3එම දිවැසිවරයාට හෝ ස්වප්නකරුට හෝ සවන් නො දිය යුතු ය. මන්ද ඔබේ මුළු හදින් හා ඔබේ මුළු ජීවයෙන් තමන්වහන්සේට ඔබ ප්‍රේම කරත් දැයි දැනගන්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක. 4ඔබ අනුගමන කළ යුත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය; භය පක්ෂපාත විය යුත්තේ උන්වහන්සේට ය. උන්වහන්සේගේ අණ පිළිපදිමින්, උන්වහන්සේට කීකරු ව, උන්වහන්සේට සේවය කරන්න. උන්වහන්සේට ඇලුම් ව සිටින්න. 5ඒ දිවැසිවරයා හෝ ස්වප්නකරුවා මරා දැමිය යුතු ය. මන්ද ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන අවුත්, වහල්කමේ දේශයෙන් ඔබ මුදා ගත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසීමට ඔහු දේශනා කළ බැවිනි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අනුගමන කරන්නට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත හැරවීමට ඔහු තැත් දරා තිබේ. ඔබ අතරින් දුෂ්ටකම පහ කර දැමිය යුතු ය.
6ඔබේ මවගේ පුත්‍රයා වන ඔබේ ම සොහොයුරා හෝ ඔබේ පුත්‍රයා හෝ දියණිය හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබේ ළබැඳි මිතුරා හෝ “අපි ගොස් වෙනත් දෙවිවරුන් නමදිමු” යි කියමින්, රහසින් ඔබ පොලඹවයි නම් එම දෙවිවරුන් ගැන ඔබවත්, ඔබේ පියවරුන්වත් දැන සිටියේ නැත. 7ඔවුහු දේශයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා ඈතක හෝ මෑතක, ඔබ වටා වෙසෙන ජනයාගේ දෙවිවරු ය, 8ඒ කීමට නො නැමෙන්න. ඊට සවන් නො දෙන්න; ඒ කවරකුට වුව අනුකම්පා කර, ඒ අය ඉතිරි නො කරන්න; ආරක්ෂා නො කරන්න. 9ඔබ ඔහු මරා දැමිය යුතු ය. ඔහු මරා දැමීමට පළමුවෙන් ම එසවිය යුත්තේ ඔබේ අතයි. දෙවනුව සෙසු සියල්ලන්ගේයි. 10ගල් ගසා ඔහු මරා දමන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන අවුත්, වහල්කමේ දේශයෙන් ඔබ මුදා ගත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙතින් ඔබ ඉවත හැරවීමට ඔහු තැත් දැරූ නිසා ය. 11එවිට සියලු ඉශ්‍රායෙල්වරු ඒ ගැන අසා, භය වනු ඇත. ඔබ අතරින් කවරකු හෝ යළි එවැනි දුෂ්ටකමක් නො කරනු ඇත.
12ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ වාසයට දෙන නගරයක් ගැන ඔබට මෙසේ අසන්නට ලැබුණහොත්, 13එනම්, ඔබ අතරේ නැගුටුණු දුෂ්ටයින් ඇතමෙක්, “අපි ගොස් වෙනත් දෙවිවරුන් (එනම් ඔබ නො දත් දෙවි-දේවතාවුන්) නමදිමු” යි කියමින් ඔවුන්ගේ නගර වාසීන් මුළා කල වග සැල වුවහොත්, 14ඔබ ඒ ගැන විභාග කළ යුතු ය. දැඩි සේ සෝදිසි කළ යුතු ය. සම්පූර්ණයෙන් පරීක්ෂා කළ යුතු ය. ඉතින්, එය සැබෑවක් නම්, පිළිකුල් සහගත ඒ දෑ ඔබ අතරේ සිදු වූ බවට ඔප්පු විණි නම්, 15ඒ නගරයේ වෙසෙන සියල්ලන් කඩු ගා දැමිය යුතු ය. මිනිසුන් මෙන් ම සතුන් ද සමඟින් මුළුමනින් එය විනාශ කර දමන්න#13:15 මුළුමනින් එය විනාශ කර දමන්න එනම් ස්වාමින්වහන්සේට පූජාවක් ලෙස වෙන් කරනු ලැබීම. 16නගරයේ මුළු කොල්ලය පොදු පිට්ටනිය මැද ගොඩ ගසා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පූර්ණ දවන යාග පූජාවක් කොට මුළු නගරය එයින් ගත් කොල්ලය ද සමඟ දවාලන්න. සදහට ම එය ජරාවාස ව තිබිය යුතු ය. එය නැවත ගොඩනැගීම නො කළ යුතු ය. 17විනාශයට කැප ඒ කිසිවක් ඔබගේ අත්වල නො රැඳේවා. එවිට, ස්වාමින්වහන්සේ ස්වකීය දැවෙන කෝපය පහ කර ගෙන, ඔබට දයාව පානු ඇත; ඔබට අනුකම්පා කොට, ඔබේ ආදි පියවරුනට උන්වහන්සේ දිවුරා, පොරොන්දු වූ පරිදි ගණනින් ඔබ වැඩි වර්ධනය කරන සේක. 18මන්ද ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට කීකරු ව, මා අද ඔබට දෙන උන්වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින්, උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ කරන නිසා ය.
දැනට තෝරාගෙන ඇත:
ද්විතීය 13: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: