ද්විතීය 10:12-16
ද්විතීය 10:12-16 SCV
එබැවින් දැන් ඉශ්‍රායෙල්වරුනි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින්නේ මොනවා ද? ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට භය පක්ෂපාත වීමත්, උන්වහන්සේගේ සියලු මාර්ග අනුගමන කිරීමත්, උන්වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හදින් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සේවය කිරීමත්, ඔබේ සුබ සෙත පිණිස මා අද ඔබට දෙන ස්වාමින්වහන්සේගේ ආඥා හා නියෝග ඉටු කිරීමත් නො වේ ද? ස්වර්ග ද උත්තම ස්වර්ග ද පොළොව හා එහි ඇති සියල්ල ද අයිති ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ ආදි පියවරුනට හිතේසි වී, ඔවුනට ප්‍රේම කළ සේක්, අද දවසේ පවතින පරිදි ඔවුන්ගෙන් පසු, ඔවුන්ගේ පරපුර වන ඔබ, අන් සියලු ජාතීනට ඉහළින් තෝරාගත් සේක. එබැවින් ඔබේ හදවත් චර්මඡේද කර ගන්න. තවදුරටත් මුරණ්ඩු නො වන්න.

