ද්විතීය 1:1-3
ද්විතීය 1:1-3 SCV
යොර්දානයට නැගෙනහිරින් වූ පාළුකරයේදී මෝසෙස් මුළු මහත් ඉශ්‍රායෙල් ජනයාට පැවසූ වදන් මෙසේ වෙයි: ඔහු මෙවදන් පැවසුවේ පසෙකින් පාරාන් ද අනෙක් පසින් තොෆෙල්, ලාබාන්, හසේරොත් හා දීසාහාබ් යන පුරවර ද අතරේ, සූෆ් ඉදිරිපිට අරාබා නිම්නයේදී ය. සේයිර් කඳුකර මාවත ඔස්සේ හොරේබ්හි සිට කාදෙෂ්-බර්නේය වෙත යෑමට දවස් එකොළහක් ගත වේ. හතළිස් වන වසරේ එකොළොස් වන මස, පළමු දින මෝසෙස්, ජනයා සම්බන්ධ ව ස්වාමින්වහන්සේ ඔහුට අණ දී තිබූ දෑ, ඉශ්‍රායෙල් ජනයාට ප්‍රකාශ කළේ ය.

