දානියෙල් 9:4-9
දානියෙල් 9:4-9 SCV
මම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, පාපොච්චාරණ කළෙමි: “අහෝ ස්වාමිනි, තමන්වහන්සේට ප්‍රේම කරමින්, තම ආඥාවනට කීකරු වන සියල්ලන් සමඟ ස්වකීය ගිවිසුමත්, නොමියෙන ප්‍රේමයත් පවත්වන උත්තම වූත්, භයංකර වූත් දෙවියන්වහන්ස, අපි පව් කර ඇත්තෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කරමින්, කැරලි ගසා ඇත්තෙමු. ඔබගේ ආඥා හා නියමයන්වලින් අප ඉවත හැරී ඇත. අපේ රජුන්ටත්, අපේ අධිපතීන්ට, අපේ පියවරුන්ට හා දේශයේ සියලු ජනයාටත්, ඔබගේ නාමයෙන් කතා කළ ඔබගේ සේවකයින් වන දිවැසිවරුනටත් අප සවන් දුන්නේ නැත. “අහෝ ස්වාමිනි, ධර්මිෂ්ඨකම අයිති ඔබට ය. එහෙත් යූදා ජනයා ද යෙරුසලම් වාසීන් හා මුළු මහත් ඉශ්‍රායෙල් ජනයා ද වන අපට, ඔබට එරෙහිව කළ ද්‍රෝහිකම් නිසා ළඟ පාත මෙන් ම දුර බැහැර රටවලට ඔබ විසින් විසුරුවන ලද අපට අයිති අන්ත ලජ්ජාව ය. අහෝ ස්වාමින්වහන්ස, අප ද අපේ රජුන් ද අපේ අධිපතීන් හා අපේ පියවරුන් ද මෙසේ ලජ්ජාවට පත් ව ඇත්තේ, ඔබවහන්සේට එරෙහිව අප පව් කළ නිසා ය. දයාවන්තකමත්, කමාවීමත් අයිති අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්ට ය. මන්ද උන්වහන්සේට එරෙහිව අප කැරලි ගසා ඇත.

