දානියෙල් 7:9-10
දානියෙල් 7:9-10 SCV
“මා බලා සිටියදී, “නිසි තැන්වල සිංහාසන පිහිටු වන ලදී. දවස්හි පුරාතනයාණෝ ස්වකීය අසුන ගත් සේක. උන්වහන්සේගේ ඇඳුම හිම මෙන් සුදු ය. උන්වහන්සේගේ හිසකේ පවිත්‍ර ලොම් වැන්න. උන්වහන්සේගේ සිංහාසනය ඇවිළෙන ගිනි දළු ය. එහි රෝද ගිනි ඇවිළෙමින් තිබිණ. ගිනි ගංගාවක් නික්මිණි. උන්වහන්සේ අබියසින් එය ගලා ආයේ ය. උන්වහන්සේට උපස්ථාන කළෝ දහස්වර දහස් සංඛ්‍යාත ගණනකි; උන්වහන්සේ අබියස සිටගෙන සිටියෝ දස දහස්වර දස දහස් සංඛ්‍යාත ගණනකි; අධිකරණය අසුන් ගති; පොත් ද විවර කෙරිණ.

