බබිලෝනියේ රජු වූ බේල්ෂසර්ගේ රාජ සමයේ දානියෙල් තම යහනේ වැතිර සිටියදී, සිහිනයක් හා ඔහුගේ මනසේ ඇඳුණු දර්ශන දුටුවේ ය. ඔහු තම සිහිනය සටහන් කර, ඇතැම් කරුණු පැවසී ය. දානියෙල් මෙසේ පැවසී ය: “රාත්‍රියේ මගේ දර්ශනයේදී මා බලා සිටින අතරේ, මෙන්න! අහසේ සතර සුළඟ, මහ සාගරය කලඹවමින්, එකිනෙකාට වෙනස් මහා සත්වයින් හතර දෙනෙක් මුහුදින් නැගී ආහ. “පළමු වැන්නා සිංහයකු වැන්න; රාජාලි පියාපත් ඌට තිබිණි. මා බලා සිටින අතරේ උගේ පියාපත් උදුරා දමනු ලැබිණ. ඉන්පසු පොළොවෙන් ඌ ඔසවනු ලැබ, මිනිසකු සේ දෙපයින් සිටගන්නට සලසන ලදී. මිනිස් සිතක් ද ඌට දෙනු ලැබිණ. “ඉන්පසු මෙන්න! තවත් සත්වයෙක්; දෙවැන්නෙක්; ඌ වලසකු වැන්න. උගේ එක් ඇලයකින් ඌ ඔසවනු ලැබිණ. උගේ කටේ දත් අතරේ ඉල ඇට තුනක් ඌට තිබිණි. ‘නැගිටිනු! කුස පුරා මස් කනු!’ යි ඌට කියන ලද්දේ ය. “ඉන්පසු මම බැලුවෙමි; එවිට මෙන්න! තවත් සත්වයෙක්! දිවියකු බඳු පෙනුමක් ඇති උගේ පිටේ කුරුලු පියාපත් හතරක් විණි. මෙම සත්වයාට හිස් හතරක් තිබිණ. පාලන ආධිපත්‍යය ද ඌට දෙන ලදී. “එයින් පසු රාත්‍රියේ මගේ දර්ශනයේදී මා බලා සිටියදී, මෙන්න! හතර වන සත්වයෙක්; භයංකර, රෞද්‍ර, මහ බලවත් එකෙක්. ඌට විශාල යකඩ දත් තිබිණ. තම ගොදුරු මිරිකා පොඩිකර ගිල දැමූ ඌ ඉතිරි වූ දෑ පයින් පාගා දැමී ය. පළමු සත්වයින් සියල්ලනට වඩා ඌ වෙනස් ය. ඌට අං දහයක් තිබිණ. “අං ගැන මා සිතා-බලමින් සිටියදී, මෙන්න! තවත් අඟක්! ඒ අතරේ හට ගැනුණු කුඩා අඟක්! මේ කුඩා අඟ ඉදිරියේ පළමු අං තුනක් උදුරා දමනු ලැබිණ. මෙන්න! මෙම අඟට මිනිස් ඇස් වැනි ඇස් ද පුරසාරම දොඩන කටක් ද තිබිණ. “මා බලා සිටියදී, “නිසි තැන්වල සිංහාසන පිහිටු වන ලදී. දවස්හි පුරාතනයාණෝ ස්වකීය අසුන ගත් සේක. උන්වහන්සේගේ ඇඳුම හිම මෙන් සුදු ය. උන්වහන්සේගේ හිසකේ පවිත්‍ර ලොම් වැන්න. උන්වහන්සේගේ සිංහාසනය ඇවිළෙන ගිනි දළු ය. එහි රෝද ගිනි ඇවිළෙමින් තිබිණ. ගිනි ගංගාවක් නික්මිණි. උන්වහන්සේ අබියසින් එය ගලා ආයේ ය. උන්වහන්සේට උපස්ථාන කළෝ දහස්වර දහස් සංඛ්‍යාත ගණනකි; උන්වහන්සේ අබියස සිටගෙන සිටියෝ දස දහස්වර දස දහස් සංඛ්‍යාත ගණනකි; අධිකරණය අසුන් ගති; පොත් ද විවර කෙරිණ. “ඉන්පසු, පෙර කී අඟ පැවසූ පුරසාරම් වචන නිසා, මම තවදුරටත් බලා සිටියෙමි. ඒ සත්වයා මරනු ලැබ, උගේ සිරුර විනාශ කර, ඇවිළෙන ගින්නට හෙළා දමන අයුරු මම බලා සිටියෙමි. සෙසු සත්වයින් වෙතින් උන්ගේ ආධිපත්‍යය පහ කර තිබූ නමුදු, නිශ්චිත කාලයකට ජීවත් වන්නට උන්ට ඉඩ දී තිබිණ. “රාත්‍රියේ මගේ දර්ශනයේ මා බලා සිටින විට, මෙන්න! අහසේ වලාකුළු සමඟ එන මනුෂ්‍ය පුත්‍රයාණ කෙනකුන් වැනි කෙනෙක්! එතුමාණෝ දවස්හි පුරාතනයාණන් වෙත ළඟා වී, උන්වහන්සේ වෙත ගෙන යන ලදහ. ආධිපත්‍යය ද තේජස ද රාජ්‍ය-බලය ද එතුමාණන්ට දෙන ලදී. සියලු ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද එතුමාණන්ට සේවය කරන්නෝ ය. එතුමාණන්ගේ රාජාධිපත්‍යය, කිසි කලෙක පහව නො යන සදාතනික රාජාධිපත්‍යයකි. එතුමාණන්ගේ රාජ්‍යය කිසි දින විනාශ කළ නො හේ.
දානියෙල් 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දානියෙල් 7:1-14
5 Days
Do you ever find yourself wandering through life without any sense of purpose or direction? Are you like King Saul, out "chasing donkeys" and getting frustrated? In this 5-day Bible Plan based on the book by the same title, author and speaker Dwayne Morris shares four practical strategies to gain clarity that will help you move toward God’s plan and not away from it.
12 Days
In daily life, it is often helpful to be down to earth. But God also encourages us to keep dreaming — dreaming of His Kingdom of peace, justice and light.
13 Days
The book of Daniel chronicles the stories and visions of the exiled prophet during his life in Babylon. Although faced with devastating exile, the characters of Daniel choose to be faithful to God no matter the cost. Daniel’s life and visions remind us that God Himself orders peoples, nations, and history, orchestrating His people’s redemption and His imminent return.
14 Days
Study the book of Daniel with theStory. There is nothing quite like the book of Daniel anywhere else in the Bible. Half of it is taken up with stories about Jews in Babylonian and Persian courts, the other half with dreams and visions. This 2 week Book Study of Daniel covers chapters 1-9 (the last 3 chapters are really hard for devotional reflection - but you’ll see on day 14 we give suggestions for further study).
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ