අවසානයේදී ඔවුහු, “මොහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ යම් කරුණක් ගැන මිස, මේ දානියෙල්ට එරෙහි චෝදනාවකට හේතුවක් අපට කිසි දිනෙක හමු නො වනු ඇතැ” යි කීහ. පසුව පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු කණ්ඩායමක් වශයෙන් රජු හමුවට ගොස්, රජු ඇමතූහ: “දාරෙයාවෙෂ් රජතුමා සැම කල් දිනේවා! රාජ්‍යයේ පරිපාලනාධිපතීන්, ප්‍රදේශාධිපතීන්, දේශාධිපතීන්, උපදේශකයින් හා ආණ්ඩුකාරවරුන් වන අප සැවොම එකඟතාවක් ඇතිකර ගත්තා. රජතුමනි, ඉදිරි දින තිහ අතර තුර ඔබතුමාට හැර අන් දෙවි කෙනකුට හෝ යම් මිනිසකුට හෝ යමකු යාච්ඤා කළහොත් ඔහු සිංහ ගුහාවට හෙළනු ලබන බවට රජතුමා විසින් නියෝගයක් නිකුත් කොට, එම ආඥාව තදින් ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි ඒ. අහෝ රජතුමනි, මේදියානු හා පර්සියානුවන්ගේ අවලංගු කළ නො හැකි නීතියට අනුකූලව දැන් එම ආඥාව වෙනස් කළ නො හැකි වන සේ ලේඛනය අත්සන් කරන්න.” එබැවින් දාරෙයාවෙෂ් රජ එම ලේඛනය හා ආඥාව අත්සන් කළේ ය. එම ලේඛනය අත්සන් තැබූ වග දැනගත් දානියෙල්, තම නිවසට පිවිස, යෙරුසලම දෙසට මුහුණ ලූ ජනෙල් සහිත තම උඩු මහල් කාමරයට ගියේ ය. වෙනදා මෙන් සුපුරුදු පරිදි, දවසට තුන් වරක් තම දෙවියන්වහන්සේ ඉදිරියේ දණ ගැසූ ඔහු ස්තුති පුදමින් යාච්ඤා කළේ ය. එකල කණ්ඩායමක් වශයෙන් පැමිණි ඒ මිනිස්සු, දානියෙල් ඔහුගේ දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් ද ආයාචනා කරමින් ද සිටිනු දුටුවහ. එබැවින් රජු හමුවට ගිය ඔවුහු, රාජ ආඥාව ගැන කතා කරමින්, “අහෝ රජතුමනි, ඉදිරි දින තිහ අතර තුර ඔබට හැර යම් දෙවි කෙනකුට හෝ මිනිසකුට හෝ යාච්ඤා කරන කවරකු වුව, සිංහ ගුහාවට හෙළා දමන බවට ආඥාවක් ඔබ ප්‍රකාශයට පත් කළා නො වේ දැ?” යි ඇසූහ. රජු පිළිතුරු දෙමින්, “එසේය, නියමය වලංගුව පවතී. මේදියානු හා පර්සියානුවන්ගේ අවලංගු කළ නො හැකි නීතියට එය අනුකූල යැ” යි පැවසී ය.
දානියෙල් 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දානියෙල් 6:5-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ