දානියෙල් 6:25-28
දානියෙල් 6:25-28 SCV
ඉක්බිති, දාරෙයාවෙෂ් රජ පොළොව මුළුල්ලෙහි වූ ජනතාවන් ද ජාතීන් ද භාෂාවන් ද යන සියල්ලන් වෙත මෙසේ ලීවේ ය: “ඔබට බෙහෙවින් සෙත් වේවා! “මගේ රාජධානියේ හැම යටත් විජිතයක ජනයා, දානියෙල්ගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාත ව ගෞරව දැක්විය යුතු බවට මම ආඥාවක් නිකුත් කරමි. “මන්ද ජීවමාන දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. උන්වහන්සේ සදහට ම පැවත සිටින සේක. උන්වහන්සේගේ රාජ්‍යය විනාශ කළ නො හැක; උන්වහන්සේගේ ආධිපත්‍යය නිම වන්නේ නැත. උන්වහන්සේ මුදන සේක; ගලවන සේක. අහසෙහි ද පොළොවෙහි ද ලකුණු හා පුදුම දක්වන සේක. සිංහයින්ගේ බලයෙන් උන්වහන්සේ දානියෙල් මිදූ සේක.” මෙසේ දාරෙයාවෙෂ්ගේ පාලන සමයේ හා පර්සියානු කෝරෙෂ්ගේ පාලන සමයේ දානියෙල් සඵලවත් විය.

