දානියෙල් 6:19-23

දානියෙල් 6:19-23 SCV

අරුණ උදයේ එළිය වැටීගෙන එද්දී නැගිටුණු රජ සිංහයන්ගේ ගුහාව වෙත කඩිනමින් ගියේ ය. දානියෙල් සිටි ගුහාව අසලට පැමිණි රජු, බිඳුණු හඬින් දානියෙල්ට හඬ ගසමින්, “එම්බා දානියෙල්, ජීවමාන දෙවියන්වහන්සේගේ සේවකය, සිංහයින්ගෙන් ඔබ ගලවා ගැනීමට නිති පතා ඔබ සේවය කරන ඔබේ දෙවියන්වහන්සේට පුළුවන් වුණාදැ?” යි ඇසී ය. දානියෙල් පිළිතුරු දෙමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! මගේ දෙවියන්වහන්සේ ස්වකීය දූතයා එවා සිංහයින්ගේ කටවල් පිය වූ සේක. උන් මට අනතුරක් කළේ නැත. මන්ද උන්වහන්සේගේ ඇස් හමුවේ මා නිදොස් වග පෙනී ගොස් ඇති බැවිනි. ඒ ඇරත්, අහෝ රජතුමනි, ඔබ හමුවේත් කිසි කලෙක මම වරදක් නො කළෙමි” යි කීවේ ය. එකල ප්‍රීතියෙන් පිනාගිය රජ, දානියෙල් ගුහාවෙන් ගොඩ ගැනීමට අණ දුන්නේ ය. දානියෙල් ගුහාවෙන් ගොඩට ගනු ලැබූ විට, ඔහුට කිසිදු අනතුරක් සිදු වී නැති වග පෙනී ගියේ ය. මන්ද ඔහු තමාගේ දෙවියන්වහන්සේ පිට විශ්වාසය තබා සිටියේ ය.