දානියෙල් 6:15-18

දානියෙල් 6:15-18 SCV

එකල කණ්ඩායමක් වශයෙන් යළි රජු හමුවට ආ ඒ මිනිස්සු රජු අමතමින්, “අහෝ රජතුමනි, මෙය සිහි තබා ගන්න. මේදියානු හා පර්සියානුවන්ගේ නීතියට අනුව රජු නිකුත් කරන ආඥාවක් හෝ නියෝගයක් හෝ වෙනස් කළ නො හැකි යැ” යි කීහ. එබැවින් රජු අණ දුන්නේ ය. දානියෙල් ගෙන එනු ලැබ, සිංහයින්ගේ ගුහාවට හෙළා දමනු ලැබී ය. දානියෙල් ඇමතූ රජු, “නිති පතා ඔබ සේවය කළ ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගලවා ගන්නා සේක්වා” යි කීවේ ය. ගලක් ගෙනෙනු ලැබ, ගුහා කට ආවරණ කෙරිණ. දානියෙල් හා අදාළ ව කිසිදු වෙනසක් කළ නො හැකි වන සේ රජු එය තම පේරැස් මුදුවෙන් ද රජුගේ වංශවතුන්ගේ මුදුවලින් ද මුද්‍රා තැබී ය. ඉන්පසු ස්වකීය මාලිගයට ආපසු ගිය රජ, රැය ගත කළේ නිරාහාරයෙනි. කිසි විනෝදයක් ඔහු වෙත නො පමුණු වන ලදී; නින්ද ඔහු වෙතින් පලා ගියේ ය.

මෙයට අදාළ වීඩියෝ

දානියෙල් 6:15-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය