දානියෙල් 6:11-14

දානියෙල් 6:11-14 SCV

එකල කණ්ඩායමක් වශයෙන් පැමිණි ඒ මිනිස්සු, දානියෙල් ඔහුගේ දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් ද ආයාචනා කරමින් ද සිටිනු දුටුවහ. එබැවින් රජු හමුවට ගිය ඔවුහු, රාජ ආඥාව ගැන කතා කරමින්, “අහෝ රජතුමනි, ඉදිරි දින තිහ අතර තුර ඔබට හැර යම් දෙවි කෙනකුට හෝ මිනිසකුට හෝ යාච්ඤා කරන කවරකු වුව, සිංහ ගුහාවට හෙළා දමන බවට ආඥාවක් ඔබ ප්‍රකාශයට පත් කළා නො වේ දැ?” යි ඇසූහ. රජු පිළිතුරු දෙමින්, “එසේය, නියමය වලංගුව පවතී. මේදියානු හා පර්සියානුවන්ගේ අවලංගු කළ නො හැකි නීතියට එය අනුකූල යැ” යි පැවසී ය. එවිට රජු ඉදිරිපිට ඔවුහු කතා කරමින්, “අහෝ රජතුමනි, යූදාහි පිටුවහලුන්ගෙන් කෙනකු වූ දානියෙල් ඔබටත්, ලිඛිත ව ඔබතුමා පැන වූ ආඥාවටත් කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. තවමත් ඔහු දවසට තුන් වරක් යාච්ඤා කරතැ” යි කීහ. ඒ වචන ඇසූ කල, රජු ඉමහත් සංවේගයට පත් විය. දානියෙල් මුදා ගැනීමට ඉටා ගත් රජු හිරු බසිනා තුරු ඔහු ගලවා ගැනීමට හැම තැතක් ම දැරී ය.