දානියෙල් 6:1-4

දානියෙල් 6:1-4 SCV

රාජ්‍යය මුළුල්ලේ දේශාධිපතීන් එකසිය විසිදෙනකු පත් කිරීමට දාරෙයාවෙෂ් රජු මනාප විය. ඔවුනට ඉහළින් පරිපාලනාධිපතීන් තුන් දෙනෙකි; ඉන් එක් කෙනකු වූයේ දානියෙල් ය. රජුට අවැඩක් සිදු නො වන ලෙසට දේශාධිපතීන් වගකිව යුතු වූයේ, මෙම පරිපාලනාධිපතීන්ට ය. පරිපාලනාධිපතීන් හා දේශාධිපතීන් අතරේ දානියෙල් තුළ පැහැදිලි ව දක්නට ලැබුණු විශිෂ්ට ගති ස්වභාව නිසා, අන් හැමට ඉහළින් මුළු රාජධානිය සඳහා ම දානියෙල් පත් කිරීමට රජු අදහස් කළේ ය. එබැවින් සෙසු පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු රාජ්‍ය-කටයුතුවලදී දානියෙල්ගේ ක්‍රියා කලාපයේ ඔහුට එරෙහිව යම් චෝදනාවක් අල්ලා ගැනීමට වෑයම් කළහ. එහෙත් එවැන්නක් සොයා ගැනීමට ඔවුනට නො හැකි විය. ඔහු විශ්වාසවන්ත කෙනකු වූ නිසාත්, දූෂිත හෝ නො සැලකිලිමත් කෙනකු නො වූ නිසාත් ඔහු තුළ යම් දුර්ගුණයක් ඔවුන්ට හමු වූයේ නැත.