රාජ්‍යය මුළුල්ලේ දේශාධිපතීන් එකසිය විසිදෙනකු පත් කිරීමට දාරෙයාවෙෂ් රජු මනාප විය. ඔවුනට ඉහළින් පරිපාලනාධිපතීන් තුන් දෙනෙකි; ඉන් එක් කෙනකු වූයේ දානියෙල් ය. රජුට අවැඩක් සිදු නො වන ලෙසට දේශාධිපතීන් වගකිව යුතු වූයේ, මෙම පරිපාලනාධිපතීන්ට ය. පරිපාලනාධිපතීන් හා දේශාධිපතීන් අතරේ දානියෙල් තුළ පැහැදිලි ව දක්නට ලැබුණු විශිෂ්ට ගති ස්වභාව නිසා, අන් හැමට ඉහළින් මුළු රාජධානිය සඳහා ම දානියෙල් පත් කිරීමට රජු අදහස් කළේ ය. එබැවින් සෙසු පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු රාජ්‍ය-කටයුතුවලදී දානියෙල්ගේ ක්‍රියා කලාපයේ ඔහුට එරෙහිව යම් චෝදනාවක් අල්ලා ගැනීමට වෑයම් කළහ. එහෙත් එවැන්නක් සොයා ගැනීමට ඔවුනට නො හැකි විය. ඔහු විශ්වාසවන්ත කෙනකු වූ නිසාත්, දූෂිත හෝ නො සැලකිලිමත් කෙනකු නො වූ නිසාත් ඔහු තුළ යම් දුර්ගුණයක් ඔවුන්ට හමු වූයේ නැත. අවසානයේදී ඔවුහු, “මොහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ යම් කරුණක් ගැන මිස, මේ දානියෙල්ට එරෙහි චෝදනාවකට හේතුවක් අපට කිසි දිනෙක හමු නො වනු ඇතැ” යි කීහ. පසුව පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු කණ්ඩායමක් වශයෙන් රජු හමුවට ගොස්, රජු ඇමතූහ: “දාරෙයාවෙෂ් රජතුමා සැම කල් දිනේවා! රාජ්‍යයේ පරිපාලනාධිපතීන්, ප්‍රදේශාධිපතීන්, දේශාධිපතීන්, උපදේශකයින් හා ආණ්ඩුකාරවරුන් වන අප සැවොම එකඟතාවක් ඇතිකර ගත්තා. රජතුමනි, ඉදිරි දින තිහ අතර තුර ඔබතුමාට හැර අන් දෙවි කෙනකුට හෝ යම් මිනිසකුට හෝ යමකු යාච්ඤා කළහොත් ඔහු සිංහ ගුහාවට හෙළනු ලබන බවට රජතුමා විසින් නියෝගයක් නිකුත් කොට, එම ආඥාව තදින් ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි ඒ. අහෝ රජතුමනි, මේදියානු හා පර්සියානුවන්ගේ අවලංගු කළ නො හැකි නීතියට අනුකූලව දැන් එම ආඥාව වෙනස් කළ නො හැකි වන සේ ලේඛනය අත්සන් කරන්න.” එබැවින් දාරෙයාවෙෂ් රජ එම ලේඛනය හා ආඥාව අත්සන් කළේ ය. එම ලේඛනය අත්සන් තැබූ වග දැනගත් දානියෙල්, තම නිවසට පිවිස, යෙරුසලම දෙසට මුහුණ ලූ ජනෙල් සහිත තම උඩු මහල් කාමරයට ගියේ ය. වෙනදා මෙන් සුපුරුදු පරිදි, දවසට තුන් වරක් තම දෙවියන්වහන්සේ ඉදිරියේ දණ ගැසූ ඔහු ස්තුති පුදමින් යාච්ඤා කළේ ය.
දානියෙල් 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දානියෙල් 6:1-10
4 Days
Where does our power and motivation as leaders come from? As Christian leaders, we must acknowledge that apart from God, we are nothing. This four-day devotional helps us practice the lifelong exercise of turning from pride to humility, rebellion to obedience, and fear to empowerment, turning our gaze from our earthly Babylons toward the heavenly Jerusalem.
5 Days
The Daniel Difference challenges readers to be a pray-er in the midst of their busy and distracted life. Key Scripture passages from the book of Daniel model the determination and devotion seen in Daniel's life. May this biblical wisdom inspire each reader to make a decision to schedule prayer and grow in obedience to God.
5 days
This study will look at how God never leaves us or forsakes us. He is with us through all things.
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the tenth part "The Prophets." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ