දානියෙල් 5
5
බිත්තියේ ලියන ලද නියමය
1බේල්ෂසර් රජු, තම වංශවතුන් දහසකට මහ ප්‍රිය සාදයක් පවත්වා, එම දහස් දෙනා ඉදිරියේ මිදි යුෂ බීවේ ය. 2මෙසේ මිදි යුෂ තොලගාමින් සිටියදී, බේල්ෂසර් නියෝගයක් කරමින්, තම පියා#5:2 පියා නැතහොත් ආදි පියා වන නෙබුකද්නෙසර් විසින් යෙරුසලමෙහි දේව මාලිගයෙන් පැහැර ගෙනවුත් තිබූ රන් හා රිදී බඳුන් ගෙනෙන්නට අණ කළේ ය. ඒ, රජුටත්, ඔහුගේ වංශවතුනටත්, ඔහුගේ බිසවුනට හා ඔහුගේ අතිරේක බිරියනටත් ඒවායින් පානය කරන්නට ය. 3එබැවින් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ ගෘහය වන දේව මාලිගයෙන් ගෙන එනු ලැබූ රන් බඳුන් ඔවුහු ගෙනාවහ. රජු ද ඔහුගේ වංශවත්හු ද ඔහුගේ බිසෝවරු හා ඔහුගේ අතිරේක බිරියෝ ද ඒවායින් පානය කළහ. 4ඔවුහු මිදි යුෂ බොමින්, රනින් ද රිදීයෙන් ද ලෝකඩයෙන්, යකඩින්, දැවයෙන් හා ගලින් ද කළ දෙවිවරුනට ප්‍රශංසා කළහ.
5හදිසියේ ම, මිනිස් අතක ඇඟිලි පෙනී, රජ මාලිගයේ පහන් රුක අසල බිත්තියේ හුණු බදාම මත යමක් ලීවේ ය. එම අතින් ලියන අයුරු රජු බලා සිටියේ ය. 6රජුගේ මුහුණ සුදුමැලි විය; ඔහුගේ සිතුවිලි ඔහු තැති ගැන්වී ය. ඔහුගේ දණහිස් එකටෙක වැදෙමින් ඔහුගේ දෙකකුල් වාරු නැති විය.
7එවිට රජු මොර ගසා කතා කරමින්, මන්තරකරුවන් ද කල්දිවරයින් හා නක්ෂත්‍රඥයින් ද කැඳවා, බබිලෝනියේ ප්‍රාඥයින්ට කතා කොට, “මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට කියා දිය හැකි තැනැත්තා රාජකීය දම් පැහැ ඇඳුමින් හඳවනු ලැබ, ගෙල වටා රන් දමක් පලඳවනු ලැබ, රාජ්‍යය පාලනයේ තුන්වැන්නා බවට පත් කෙරේ” යි පැවසී ය.
8එවිට රජුගේ සියලු ප්‍රාඥයින් පැමිණි නමුදු, ඒ ලියා ඇති දෑ කියවීමට හෝ එහි අර්ථය රජුට කියා දීමට ඔවුනට නො හැකි විය. 9එබැවින් බේල්ෂසර් රජ වඩ වඩා බය විය. ඔහුගේ මුහුණ වඩාත් සුදුමැලි විය. ඔහුගේ වංශවත්හු ද වියවුල් වූහ.
10රජුගේ හා ඔහුගේ වංශවතුන්ගේ කතා හඬ අසා, මවු බිසෝ තොමෝ උත්සව ශාලාවට ආවා ය. මව් බිසොව කතා කරමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! ඔබේ සිතුවිලිවලින් කැලඹෙන්නවත්, ඔතරම් සුදුමැලි වන්නවත් එපා. 11ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් තමා තුළ ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටී. ඔබේ පියාණන්ගේ කාලයේ මොහු වෙත තීක්ෂණ බුද්ධියත්, දැන උගත්කමත්, දෙවිවරුන්ගේ බඳු ප්‍රඥාවත් ඇති වග දැන ගත්තා. ඔබේ පියාණන් වූ නෙබුකද්නෙසර් රජ, ඔබේ පියරජතුමා, ඉන්ද්‍රජාලිකයින්ගේ ද මන්ත්‍රකරුවන්ගේ ද කල්දිවරුන්ගේ ද නක්ෂත්‍රඥයින්ගේ ද ප්‍රධානියා කර, ඔහු පත් කළා. 12රජු විසින් බේල්ටෙෂසර් නමින් හැඳින් වූ මේ මනුෂ්‍යයා, දානියෙල් තියුණු මනසක්, දැනගැන්ම හා වැටහීම ඇත්තකු පමණක් නො ව, සිහින අරුත් පහදා දීමේ ද ප්‍රහේලිකාව බේරුම් කිරීමේ ද අසීරු ගැටලු විසඳීමේ ද සමතෙක්. දානියෙල් කැඳවන්න; මේ ලියා ඇති අකුරුවල අර්ථය ඔහු ඔබට කියා දේවි” යි කීවා ය.
13එබැවින් රජු ඉදිරියට දානියෙල් කැඳවාගෙන එන ලදී. රජ ඔහු අමතමින්, “මගේ පිය රජු යූදා රටින් ගෙන ආ වහලුන්ගෙන් කෙනකු වන දානියෙල් ඔබ ද? 14ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් ඔබ තුළ ඇති වගත්, ඔබ තීක්ෂණ බුද්ධියෙන්, දැන උගත්කමින් හා විශිෂ්ට ප්‍රඥාවෙන් යුතු වගත් මට අසන්නට ලැබුණා. 15මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට පවසන්නට පඬිවරුන් ද මන්තරකරුවන් ද මා ඉදිරියට පැමිණවූවත් එය පැහැදිලි කිරීමට ඔවුනට බැරි වුණා. 16එහෙත් ඔබ අර්ථ විවරණයටත්, අසීරු ගැටලු විසඳීමටත් සමත් වග මට අසන්නට ලැබුණා. මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට කියා දෙන්නටත් ඔබට හැකි නම්, ඔබට රාජකීය දම් පැහැ ඇඳුම් හඳවා, රන් දමක් ගෙල පලඳා රාජ්‍යයේ තුන් වන ශ්‍රේෂ්ඨ පාලකයා බවට ඔබ පත් කෙරෙනු ඇතැ” යි කීවේ ය.
17එවිට දානියෙල් රජු ඉදිරියේ පිළිතුරු දෙමින්, “ඔබේ තෑගි ඔබ ම තබා ගන්න; ඔබේ දීමනා වෙන කෙනකුට දෙන්න. කෙසේ වෙතත් රජතුමාට මේ ලියා ඇති දෑ කියවා දී, එහි අර්ථය පවසන්නම්.
18“අහෝ රජ්ජුරුවනි, මහෝත්තම දෙවියන්වහන්සේ ඔබේ පිය රජු වන නෙබුකද්නෙසර්ට රාජ්‍යයත්, ශ්‍රේෂ්ඨත්වයත්, ගෞරවයත්, තේජශ්‍රීයත් දුන් සේක. 19උන්වහන්සේ ඔහුට දුන් ඒ උත්තම භාවය නිසා සියලු ජනයා, ජාතීන්, ඒ ඒ භාෂා කතා කරන මිනිසුන් යන හැමදෙන ඔහු ඉදිරියේ වෙවුලා සිටියා; ඔහු ඉදිරියේ බය වුණා; රජුට මරා දමන්නට ඕනෑ වූ අය ඔහු මරා දැම්මා; ඉතිරි කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු ඉතිරි කළා; උසස් කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු උසස් කළා; යටහත් කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු යටහත් කළා. 20එහෙත් ඔහුගේ හද උදාරම් වී, අහංකාරයෙන් දැඩි වූ කල, ඔහුගේ රාජකීය සිංහාසනයෙන් ඔහු පහ කර දමනු ලැබුවා. ඔහුගේ ගෞරවය ද ඔහු වෙතින් ඉවත් කෙරුණා. 21මිනිස් සමාජයෙන් පලවා හරිනු ලැබ, සතකුගේ මනසක් ඔහුට දෙනු ලැබ, ඔහු වල් බූරුවන් අතරේ වාසය කරමින්, ගවයකු මෙන් තණ කෑවා. මහෝත්තම දෙවියන්වහන්සේ මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව, උන්වහන්සේ ඒවා දෙන වගත්, ඔහු ඒත්තු ගන්නා තුරු ඔහුගේ සිරුර අහස් පින්නට තෙමුණා.
22“එහෙත් එම්බා බේල්ෂසර්, ඔහුගේ පුත්‍රයා වන ඔබ මේ සියල්ල දැන සිටි නමුත්, ඔබේ සිත යටත් කර ගත්තේ නැහැ. 23ඒ වෙනුවට ඔබ, ස්වර්ගයේ ස්වාමින්වහන්සේට එරෙහිව ඔබ ම උසස් කර ගත්තා. උන්වහන්සේගේ දේව මාලිග භාජන ඔබ වෙත ගෙන්වා ගත්තා. ඔබත්, ඔබේ වංශවතුන්, ඔබේ බිසෝවරුන් හා ඔබේ අතිරේක භාර්යාවන් ඒවායින් මිදි යුෂ බීවා; දකින්නට, අසන්නට හෝ වටහා ගන්නට හෝ බැරි, රිදී, රන්, ලෝකඩ, යකඩ, ලී හා ගල් දෙවිවරුනට ඔබ ප්‍රශංසා කළා. එහෙත් ඔබේ ජීවිතයත්, ඔබේ සියලු මාර්ගත්, තම හස්තයෙහි දරා සිටින දෙවියන්වහන්සේට ඔබ ගෞරව දැක්වූයේ නැහැ. 24මෙම සටහන ලියූ අත උන්වහන්සේ එවා ඇත්තේ එබැවිනි.
25“එහි ලියා ඇති සටහන මෙයයි:
මෙනේ, මෙනේ, තෙකේල් උපාර්සීන්.
26“ඒ වචනවල තේරුම මෙයයි:
“මෙනේ: දෙවියන්වහන්සේ ඔබේ රාජ්‍ය කාලය ගණන් කොට, එය කෙළවර කර ඇත.
27“තෙකේල්: තරාදියේ ලා ඔබ කිරනු ලැබ, ඔබේ අඩු බව පෙනී ගොස් ඇත.
28“පෙරෙස්: ඔබේ රාජ්‍යය බෙදනු ලැබ, මේදියානුවන්ට හා පර්සියානුවන්ට දී තිබේ.”
29එවිට බේල්ෂසර්ගේ අණ පරිදි, රාජකීය දම් පැහැ ඇඳුමින් දානියෙල් හඳවනු ලැබ, ඔහුගේ ගෙල වටා රන් දමක් පලඳවනු ලැබී ය. ඔහු රාජ්‍යයේ තුන් වන ශ්‍රේෂ්ඨ පාලකයා බවට ප්‍රකාශයට පත් කෙරිණ.
30ඒ රාත්‍රියේදී ම කල්දිවරුන්ගේ රජු වූ බේල්ෂසර් මරා දමනු ලැබී ය. 31හැට දෙහැවිරිදි මේදියානු දාරෙයාවෙෂ්#5:31 දාරෙයාවෙෂ් ග්‍රීක් දාරියුස් රාජ්‍යය අත්කර ගත්තේ ය.
දැනට තෝරාගෙන ඇත:
දානියෙල් 5: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: